මම මුලින්ම Campus යද්දී අපේ ගෙදර ස්ථාවර දුරකතනයක්වත් තිබුනේ නෑ ...අපි පාසල් ගිය කාලේ දුරකථන ලබා ගන්න සැහෙන කාලයක් පෝලිමේ ඉන්න වුනා ...දුරකථනය අත්‍යවශ්‍ය භාන්ඩයක් වුනේ නෑ . Campus තනියම යද්දී මම කරදරයක් නැතිව ආවා කියල කිව්වේ coin box එකෙන් ...කොළඹ විශ්ව විද්‍යාලයේ Science Faculty එකේ coin box -2-3 ක් තිබුනත් ඒවා එක නිතරම පිරිලා ... College House එක ළඟ coin box එකෙන් කතා කරන්න වුනේ receiver නැති කණ අතින් වහගෙන ..ඒ තර්ස්ටන් පාරේ සද්ද නිසා ...සමහර දවසට call ගත්තේ post office එකෙන්..විනාඩි 3ට රු.18යි ..මෙහෙම අමාරුවෙන් call ගත්තේ එක්කෝ අම්මා උගන්වපු පාසලට ..සමහර දාට එත් අම්මට කතා කරන්න ලැබෙන්නේ නෑ ..පණිවුඩය call එකට answer කරන ඉස්කෝලේ principal ට හරි clerk ට හරි කියනවා....නැත්නම් මාමලයි ගෙදරට කතා කරලා කියනවා ..අම්ම හවසට නැන්දට කතා කරලා මගේ පණිවුඩය අහ ගන්නවා ...Hostel එකේ phone එකට නම් call එකක් ගන්න සැහෙන්න අමාරුයි ...සමහර වෙලාවට අපේ block එකේ ඉඳල එතනට දුවනකොට call එක cutවෙලා ..එක්කෝ call එකක් බලන් හිටපු අය phone එක තියල ...මේ ප්‍රශ්න නිසා අපේ ගෙදරට Lanka Bell ෆොන් එකක් ගත්තා ..එත් ගෙදර යට මට call ගන්න .බෑ ..මගේ batch mates ලගේ ගෙවල් වලට විතරක් නෙවයි ..වතාවක් අපේ අම්මා boys hostel එකකට කතා කරලා ගාල්ලේ මගේ බැචේකුටත් මට දෙන්න ඕනේ හදිසි පණිවුඩයක් දීල තිබුන.. ..ඒ කාලේ කරදරයක් නැතිව ආවා කියනවට ඇර ගෙදරට කතා කලේ සතියටම දවස යි ...එත් hostel එකේ Super card box එක ළඟ අවම වශයෙන් පැයක්වත් පෝලිමේ ඉඳලා ...Campus එකේ සමහරුන් ළඟ mobile phones තිබුනත් මම මුලින්ම mobile එකක් පාවිච්චි කලේ campus එකෙන් out වුනාට පස්සේ ..එක එක interview වලට course වලට කොළඹ එද්දී ..එකත් තාත්තාගෙන් ණයට ඉල්ලාගත් එකක් ..කොළඹ ඉඳල මන් එනකන් ගාල්ල bus stand එකේ ගොඩක් වෙලා රස්තියාදු වෙන්න බැරි නිසා ගින්තොට පාලම පහු වුනාම call කරන්නයි එක දීල තිබුනේ...එත් bus එකේදී හදිසි ආත්මාරක්ෂක උපක්‍රමයක් ලෙස මිස ඒ ගඩොල් බාගෙන් වැඩක් නොවුනේ signal අහුවෙන්න උඩකට නගින්න ඕනේ වුන නිසයි ..චාල්ල් චර්ගේස් නම් phone එක ඉස්සුවත් රු.9යි ..incoming නුත් රු 4ක්ද කොහෙද charge කලා ..ජොබ් එකකට ඉක්මනින්ම mobile එකක් ගත්තේ ගඩොල් ගේ එලියට ගන්න බේරී නිසා call ගන්න wash room එකක් හොයන්න වුන නිසයි..
එදා ඉස්කෝලෙන් out වුන ගමන් campus ගිය (ගාල්ලේ ඉඳලා කොළඹට ) මම දවස් ගනනක් call කලේ නැතිවට ගනනක් නැතිව හිටි අම්මලා අද බට්ටරමුල්ලේ ඉදන් ගල්කිස්සට office van එන වෙලාවට වඩා විනාඩි 15ක් පරක්කු වුනොත් බය වෙනවා ...car එකේ office ගිය දාට අවා කියල call කරන්න අමතක වුනෝත් call පිට call කරනවා .
..පිට රටකට ගිය ගමන්ම මුලින්ම කරන්නේ SIM එකක් ගන්න එක ...නැත්නම් හැමදාම Skype කරන එක ..Phone එක silence mode දැම්මේ නැත්නම් ඕනෙම වැදගත් රැස්වීමකදී calls 2-3ක් වරදින්නේ නෑ ...(අද Office එකේ පිරිත් අහද්දිත් පැයකදී calls 4ක්ද කොහෙද ආවා )phone එක ඔෆ් කරන්නේ කීදෙනෙක් call කරයිද කියල බයෙන් ...ආරක්ෂක හේතු මත phone එක තියල යන්න වුනොත් එක කරන්නේ හරිම අමාරුවෙන් ...ඉස්සර කටපාඩමින් දුරකථන අංක මතක මට අද phone SIM බලන්නේ නැතිව මතක නො. 2-3යි...අද phone එකක් නැති වුනොත් වැඩම දුක එකේ store කරලා තියෙන data ගැන ...Phone එකක් නැතිව ලේසියට ගෙදරට පණිවුඩයක් දෙන්නත් බැරුව හැම බෝම්බයක් පිපිරෙන කොළඹ නගරේ අවු 20දී තනියම ජීවත් වුන හැටි අද නම් හිත ගන්නවත් බෑ
No comments:
Post a Comment