සකර්බර්ග් Face Book නිර්මාණය කලේ ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව සිටියදී යයි කියති . අපි විශ්ව විද්‍යාලයේ සිටියදී Face Book එවැන්නක් බිහිවනු ඇතැයිද නොසිතුවෙමු . වසර 10ක් සපිරෙන Face Book ජීවිත කාලයෙන් අඩකටත් වඩා එනම් වාසල 6ක් පමණ එය හා සබදිව ගත කර ඇත්තෙමු . Facebook නොතිබුනානම් අපේ කාලයේ ඇත්තන්ගේ ජීවිත මෙයට වැඩ බොහෝ වෙනස් වෙන්නට තිබුණි . " දෙපා වාරු නැත ඔබ හැරයන්නට " කියා අඩ අඩා සමුගත් පාසලේ නමට group හදන්නත් ඒ කාලයේ යාලුවෝ උන්නද මලාද යන්නත් දැන ගැනීමට නොහැකි වන්නට තිබුණි . ඔවුන්ගේ විවාහ වලට virtual සුබ පතන්නටත් , දරුවන්ගේ පින්තුර වලට " how sweet " හෝ "cute " කියන්නත් නොතිබෙන්නට තිබුණි . මේ පුංචි රටේ මතු කවදා හෝ බලාපොරොත්තුවෙන් වෙන් වූ සමකාලීනයෝ වෙනත් රටවල පෙරලි කරනු බලා සතුටු වීමට හෝ status updates වලට like දැමීමටත් ඉඩ නොලැබෙනු ඇත . Uniform අදින සමකලීනයකුගේ " Im Proud of U Bro .." වැනි comment එකක් දමා අපිටත් රණ විරු යාලුවෝ සිටිතැයි කියා යුද ජයග්‍රහණයේ credit එකට ප්‍රත්‍යක්ෂ ඇසුරින් හෝ ලං වන්නතටත් ඉඩක් නොලැබෙන්නට ඉඩ තිබුණි . විශ්ව විද්‍යාලයේ සමකාලීනයන් නමට ඉදිරියෙන් අකුරු එකතු කර ගනිද්දී ආඩම්බරයෙන් ඒ අපේ යාලුවෙකයි කියන්නටත් ..හිත අප්සෙට්ම වූ විට කගේ හෝ රුවන් වැකියක් , විරහ ගීයක් ," මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා " වැන්නක් ලියා like සිය ගණනක් ගෙන මෙච්චරම මන් ගැන හිතන යාලුවෝ ඉන්නවා නේදැයි සිත සිත හිත හද ගන්නටද ඉඩ නොලැබෙනු ඇත.
ආච්චිලගේ සීයලාගේ නමින් profile හදන්නත් , වයස 50 නංගිලාට 25 අය්යලව අමත්නටත් , ජීවිතේට දැක නැති පුතේ කිව වුතු වයසේ අයගෙන් " I like to add U sweety " වැනි ගෞරවනීය වචන ඇති request නොඑන්නටත් තිබුණි . රුක් රෝපණ දිනයට පලයක් නොසිටවූ හෝ අවුරුද්දේ වැඩ අල්ලන නැකතටවත් උදැල්ලක් නොඇල්ලු වුන් ගොවියන් වී සම්මාන ලබා ගන්නා අයුරු නොදකින්නත් ගොවිතැනට කයියට අපිට නිතරම බුලත් බෙදෙන්නත් (game request ) වනු ඇති බව නිසැකය . විදේශීය මිතුරන් පෑනේ මිතුරන් ට හෝ එම මිතුරු සබදතා ඉඳ හිට mail එකක් forward කි රීමට සීමා වන්නට තිබුණි . සියල්ලටම වඩා Facebook නොතිබුනානම් මේ post එක ලියවෙන්නේද නැත .
No comments:
Post a Comment