Wednesday, July 29, 2015

ශ්‍රී ලංකාවේ බලකොටු- ලන්දේසී සහ ඉංග්‍රීසි යුගයේ බලකොටු


 

 

ලන්දේසීන් විසින් සාදන ලද කොටු පවුරු අතර හම්බන්තොට දිස්ත්‍රිකයේ කටුවන, පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්පිටිය බලකොටුව සහ මාතර තාරකා කොටුව ප්‍රධාන ස්ථානයක් උසුලයි. මින් කල්පිටිය බලකොටුව පසු කලෙක බ්‍රිතානයන් විසින් අත්පත් කරගෙන හමුදා කටයුතු සඳහා යොදා ගන්නා ලදි. කාලයක් අත්හැර තිබූ මෙම බල කොටුව පසුව යුද්ධ සමයේ දී නාවික හමුදා කඳවුරක් ලෙස භාවිතයට ගන්නා ලදි.
නිල්වලා ගඟ අසබඩ ඇති මාතර තාරකා කොටුවට ඒ නම ලැබී ඇත්තේ මුළු හයකින් යුත් තරුවක හැඩයෙන් යුතු සුවිශේෂී සැලැස්ම හේතුවෙනි. මෙය ලන්දේසින් විසින් සාදන ලද අවසාන ප්‍රධාන බල කොටුව වන අතර පසුව ඉංග්‍රීසින් විසින් පරිපාලන කාර්යාලයක් ලෙස භාවිත කරන ලදි.

මුළු දිවයින ම 1815 දී යටත්කර ගත් ඉංග්‍රීසින් පෘතුගීසින් හා ලන්ද්සීන් විසින් සාදන ලද බලකොටු අත්පත් කරගෙන භාවිත කළ මුත් ඉතා විශාල බලකොටු වැඩිපුර තැනවීම සිදු නොකරන ලදි. කෙසේ වෙතත් හම්බන්තොට මර්ටේලෝ කුලුණ මාතලේ මැක්ඩොවාල් බලකොටුව යනාදිය ඉංග්‍රීසින් ගොඩ නංවන ලද බලකොටු වේ. හම්බන්තොට කුලුණ පසුව රජයේ කාර්යාලය සහ කෞතුකාගාරය සඳහා යොදා ගන්නා ලදි .

කන්ද උඩරට රාජ්‍ය සමයේ සටන්වල දී ආරක්ෂාව සඳහා ගොඩ නංවන ලද මෙය ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී,මේජර් ජනරාල් හෝ මැක් ඩොවෙල් නමින් ද නම් කරන ලදි. 1848 මාතලේ කැරැල්ලේදී වීරපුරන් අප්පු ප්‍රමුඛ කැරලිකරුවන් මෙම කොටුපවුර අල්ලා ගන්නා ලද අතර නැවත ඉංග්‍රීසින් විසින් මෙය අත්පත් කරගන්නා ලදි. වර්තමානයේ මෙහි නටඹුන් පමණක් දක්නට ලැබේ. මෙම කොටුව තුළ විරු ස්මාරකයක් සහිතවඉදිකර ඇති අතර මාතලේ සුසාන භූමියක් ලෙස භාවිත කරයි.

ශ්‍රී ලංකාවේ පෙර රජ දවස පමණක් නොව පසු කලෙක යටත් විජිත යුගයේ ද අමරණීය සිහිවටන ලෙස ඉදි කළ මෙම බලකොටු දිවයින පුරා විසිරී ඇති අතර අද ද සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් විරාජමාන ව පවති. මේවා බොහොමයක් පුරාවිද්‍යා දෙපාරතමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතන මගින් සංරක්ෂණය කර පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය මතු පරපුරට රැගෙන යනු වස් මෙම පෞරාණික බලකොටු ආරක්ෂා කරගැනීම සැමගේ වගකීමකි.

 

ශ්‍රී ලංකාවේ බලකොටු-.පෘතුගීසි යුගයේ බලකොටු


 


 

රජ සමයෙන් පසු ග්‍රී ලංකාව යටත් කරගත් බටහිර ජාතීහු ද දේශීය රජවරුන්ගෙන් සහ තරඟකාරී වීම පිණිස විදේශීය බටහිර ජාතීන්ගෙන් ආරක්ෂාවීම පිණිස බලකොටු තැනවූහ.පෘතුගීසි යුගයේ බලකොටු  මේ අතරින් පෘතුගීසි යුගයේදී කොළඹ කොටුව,ත්‍රිකුණාමල කොටුව  ,අරිප්පු බල කොටුව සහ මුල් ගාලු කොටුව ඉදිකෙරිණි. කොළඹ කොටුව 1965 දී ලන්දේසීන් විසින් අත්පත් කර ගන්නා ලදි. මේ වන විට එහි කොටු පවුර විනාශ වී ඇතත් කොළඹ ප්‍රදේශ නාම අතර කොටුව, පිටකොටුව යනාදිය අදටත් භාවිත වේ .මෙම ප්‍රෙද්ශ අදටද දිවයිනේ ප්‍රධාන කාර්යාල සහ වෙළඳ ප්‍රෙද්ශ ලෙස ක්‍රියාත්මක වේ .

ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල අසල අද ද දක්නට ඇති බලකොටුව පෘතුග්‍රීසින් විසින් ගොඩ නඟන ලදු ව පසු ව ලන්දේසීන් විසින් අත්පත්කරගෙන ෆෙඩ්රික් බල කොටුව ලෙස නම් කරන ලද්දකි. පෘතුගිසින් විසින් ස්ථාපිත කරන ලද මඩකලපුවේ බල කොටුවෙහි වර්තමානයේ මඩකලපු දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය පිහිටා ඇත. මෙම බලකොටු දෙකම වර්තමානයේදී ද කාලතුවක්කු ,කුළුණ අගල් යන ආදිය දක්නට ලැබේ.
 

මන්නාරම ආසන්නයේ ඇති අරිප්පු බල කොටුව පසු කලෙක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත් විසින් තම නිල නිවස කර ගත් අතර එය වර්තමානයේ ඩොරික් බංගලාව ලෙස හඳුන්වයි. සමුද්‍ර ඛාදනය නිසා මෙම බල කොටුවේ කොටස් හානි වී ඇති නමුත් වර්තමානයේ ද පුත්තලම-මන්නාරම මාර්ගයේ දක්නට ලැබේ.පෘතුගීසින් විසින්  ඉදිකරනු ලදුව පසු කලෙක ලන්දේසීන් විසින් අත්කර ගැනීමෙන් පසු හැමන්හිල් ලෙස නම් කළ බල කොටුව පසුව බන්ධනාගාරයක් ලෙස භාවිත කරන ලදි. 1971 කැරැල්ල අවධියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිසක් මෙම බන්ධනාගාරයේ සිටියේ යැයි ප්‍රකට ය. මේ වන විට  ග්‍රී ලංකා නාවික හමුදා පාලනය යටතේ මෙහි සංචාරක නිවසක්  පවත්වා ගෙන යන අතර පැරණි බන්ධනාගාර සිර මැදිරි තවමත් දැකිය හැකි ය.  යාපනය කොටුව  ග්‍රී ලංකාවේ යුධ සමයේ දී යුධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ අතර එහි මුදා ගැනිමේ මේහෙයුම් ද ක්‍රියාත්මක විය.
වර්තමානයේ දි ඉතා පෞඪ ලෙසින් දිස්වන ගාලු කොටු පවුර මුලින් ම ගාලු වරායෙන් ලංකාවට පැමිණි පෘතුග්‍රීසීන් විසින් ඉදිකර පසුව ලන්දේසීන් විසින් අත්පත් කර වැඩි දියුණු කරවන ලද්දකි. කොරල් සහ කළු ගල්වලින් නිර්මිත මෙයින් ලන්දේසි පාලන ප්‍රදේශයට ආරක්ෂාව සැලසුණු අතර  පසු ව බ්‍රිතානයන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක විය. මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් වන අතර ගාලු කොටුව තුළ ඉදිකිරිම් සිදු කළ යුත්තේ ද එහි පෞරාණික භාවයට හානියක් නොවන සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමතිය සහිතව ය. කලකට පෙර ගාලු දිස්ත්‍රික්කයේ පරිපාලන  කටයුතු මෙහෙය වූ කච්චේරි ගොඩනැගිල්ල, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය කාර්යාල බොහොමයක් කොටුව ප්‍රදේශයේ පිහිටා තිබිණි

ශ්‍රී ලංකවේ බලකොටු- පැරණි රාජධානිවල බලකොටු


 

ග්‍රී ලංකාවේ බලකොටු පිළිබඳ ඉතිහාසය පෙර රජ දරුවන්ගේ සමයට දිව යයි. බොහෝ බලකොටු; රාජධානි සඳහා ආරක්ෂක මෙහෙයක් ඉටු කර ඇත. සතුරු බලමුළුවල පැමිණීම කපොලු තුළින් ඈත සිට නිරීක්ෂණය කර පහර දිය හැකි වීම, දිය අගල් වැනි උපක්‍රම යොදා තිබීම නිසා  පහසුවෙන් ප්‍රවිශ්ඨ වීමට නොහැකි වීම ආදී කරුණු හේතුවෙන් රාජ්‍යයේ ආරක්ෂාව සැලසුණි .

 

අනුරාධපුර යුගයේ විජිතපුර බලකොටුව පිළිබඳ මහාවංශය, දීප වංශය, ථූප වංශය සහ රාජාවලිය යන ග්‍රන්ථවල සඳහන් වේ. එළාර රජු විසින් මෙම බලකොටුව ශක්තිමත් කර පවත්වාගෙන ගිය අතර  දුටුගැමුණු රජු විජිතපුර සටනින් මෙම බලකොටුව  ජය ගැනීමෙන් ම දුටුගැමුණු රජුට අනුරාධපුර රාජ්‍යය අත්පත් කරගැනීමට ඉඩ සැලසුණු බැව් සඳහන් ය.

සීගිරිය අනුරාධපුර යුගයේ ම තවත් බලකොටුවක් ලෙස සැලකේ. ධාතුසේන රජුගේ පුත් වූ කාශ්‍යප කුමරු රජවීමෙන් පසු තම රාජ්‍යය සීගිරිය වෙත ගෙන ගියේ පීතෘ ඝාතනයට පළිගැනීමක් ලෙස සටනට පැමිණිය හැකි මුගලන් කුමරුගෙන් ආරක්ෂා වීම සඳහාය.  දිය අගල්, පොකුණු ආදි ජල කර්මාන්ත, ගලින් කළ සිංහ පාද සහ සීගිරි බිතු සිතුවම් හේතුවෙන් අදටත් ලොව අටවැනි පුදුමය ලෙස දනන් මවිත කරවන සීගිරිය එදා හෙළ දරුවන්ගේ දස්කම් විස්කම් ලෙවට හඬඟා පවසයි.එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන,විද්‍යා හා සංස්කෘතික සංවිධානයේ (යුනේස්කෝ) ලෝක උරුමයක් ලෙස ද මෙය නම් කර ආරක්ෂාව සලසා ඇත.

සෙංකඩගල රාජධානි යුගයේ දී බලන කපොල්ලෙහි  බල කොටුවක් තිබූ බැව් සඳහන් අතර සීතාවක බලකොටුවේ නටඹුන් අද ද අවිස්සාවේල්ල-පනාවල මාර්ගයේ දැකිය හැකි ය.

Saturday, July 4, 2015

ජුලි 4..



ජුලි 4. අද මගේ උපන් දිනය .මගේ phone  එක බැටරි බැහැල උදේ off  වෙලා. මගේ සමහර යාලුවෝ අම්මගේ phone  එකටත් කතා කරලා සුබ පතල තිබුන. ෆොනේ එක ඕනේ කරද්දී msg  5-6ක්. FB  එද්දිදීත් විශ් කරපු අය ගොඩක් හිටිය. මගේ යාලුවෝ ගොඩක් රටවල පදිංචි නිසාත් , ගොඩක් රටවල මට යාලුවෝ ඉන්න නිසාත් මට අද දවස උද වෙන්න කලිනුත් සුබ පැතුම් ලැබුණා . වෙලාවේ වෙනස නිසා  පසුදාට පහන් වන තුරුත් ඒවා තිබුණා . මගේ වලල් එකේ තිබුණු  සුබ පැතුම් එකසිය විසි ගනනටමයි, මගේ ෆොටෝ  එකට විශ් කරපු හැමෝටමයි , private msg  දාපු හැමෝටමයි reply කලා .  මගේ phone එකට කතා කල යාලුවෝ , සමහර නිලදාරීන් මගේ උපන් දිනය දන්නේ කොහොමද? එකට ව්සුබ පතන්න වෙලාවක් වෙන් කර ගත්තද කියල හිත ගන්නවත් බෑ . FB  එකට පසුව ලොග් වුනු ය තව දවස් 3-4ක් සුබ පැතුම් එවනවා . ලෝකය පුංචි වෙලා. සම්බන්දතා පවත්වාගෙන යන්න පහසු වෙලා . ඉතින්  හැමෝටම ස්තුතියි .  cake  ඉල්ලපු අයටයි මේ.. හැබැයි ඉටිපන්දම් ගණන ගණන් කරන්න තහනම් ..