Tuesday, February 17, 2015

Exercise .....


මම මහත ගණයට වැටෙන්නියකි . මා පාසල් යන කාලයේ සිටම එසේය. මා කෙට්ටුවට සිටින්නට ඇත්නම් ඒ මා විශ්ව විද්‍යාලයේ සිටි අවුරුදු 3 පමණය .ඒ කන්ටිමාට පින්සිදු වන්නටය. එත් එබදු හපන්කමක් කිරීමට මගේ ඔෆ්සියේ පසුගිය කාලය තුල සිටි කිසිම කැන්ටින් කරුවකුට තබා කොළ කැද ඖශධිය පාන වෙළඳ සැලට වත් හැකිවුයේ නැත . වතාවක් නේවාසිකව සිටියදී නිවස හිමි අක්කාත් නේවාසික නංගි කෙනෙකුත් සමග මම මේ අපේ පොදු සතුරා මෙල්ල කිරීමට gym ගියෙමු . කලෙක එය සාර්ථක වුවද පවුලේ අය කොළඹට පැමිණි පසු පදිංචිය මාරු වීමත් සමග එය දිගටම කරගෙන යාමට නොහැකි විය . මේ අතර මගේ පාසල් කල මිතුරෙකු ඉතා හොදින් මහත මෙන්ම බඩ ද මට්ටු කිරීමට සමත් වී ඇති හැටි මූණු පොතින් දුටිමි . වැඩේ සාර්ථක කර ගැනීමට අත්දැකීම් තුලින්ම උපදෙස් බලාපොරොත්තු වුනිමි . එය එසේ මෙසේ වැඩක් නොවන බවත් ලොකු ඉවසීමක් , කැපවීමක් හා අධිෂ්ටනයක් අවශ්‍ය බවත් පැවසු ඔහු gym රුවන් වැකි කිහිපයක්ද ම වෙත ඉදිරිපත් කරන ලද අතර fitness page එකක්ද නිර්ලෝභීව share කරන ලදී . කෙසේ වෙතත් මට අවශ්‍ය fitness page එකේ මෙන් අයෝමය කාන්තාවක් වීමට නොව margin එකේ තිබෙන BMI එක බර එය තුලට රිංගවා ගැනීමත් ඒ සඳහා moral support එකකුත් බැව් පැවසු විට fitness සඳහා ඉවසීම තිබුනත් අන් මත ඉවසීමට නොහැකි මිත්‍රයා chat එකෙන් බර අඩු නොකළ හැකි බව පවසා ලොකු argument එකක් කෙලවර ඒක පාර්ශ්විකව මා මූණු පොත් මිතුරන්ගෙන්ද කපා දමා ඇත . මිත්‍රත්වය බොහෝ විට පැවතුනේ මූණු පොත හරහාම බැවින් මිතුරා නැත්තටම නැතිවූ බව දැනේ . ඉතින් fitness advice සොයන මගේ මිතුරියනට කීමට ඇත්තේ සමහරවිට එයින් මිතුරත් මුදලත් 2ම නැතිවිය හැකි බවය .කෑමේදී කතාවෙදීද කට control කිරීමට නොහැකි මට model like figure සිහිනයකි . ඉතින් මා මහත් වන බව පවසන office mates ලාට පවසන්නේ කෙට්ටු වීමට කල උත්සයක් අතක් පයක් නොකැඩී යන්තම් කෙලවර වූ වගයි . ඉතින් මගේ මහත මට හොඳා 

Monday, February 16, 2015

Valentine දිනයේ ගුරු උපහාර දැක්වීමු ..........



ඒ අපි පාසලේ ශිෂ්‍ය නායිකා ධූරයට පත්වූ අලුතයි . අපේ අපේ පාසලේ ශිෂ්‍ය නායිකාවන් ගේ දිවුරුමේ අවසානයේ ඇපවෙමි . කැපවෙමි . කියල තියනවා . මේ නිසා සෑහෙන්න අපහසුතාවයට වගේම කට්ට කෑමට සිදුවූ අවස්ථා එමටයි . ඔන්න ඉතින් අපේ කට්ටිය හා හා පුර කියල වැඩ  බාරගෙන වැඩ  අල්ලන්න සූදානම් වුනේ ගුරු උපහාරයක් තියල. මේක ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත් වුනාම තියෙන සම්ප්‍රදායක් . පුංචි සංග්‍රහයක් එක්ක රෝස මලක් සමරු තිළිණයක් ලෙස. plan  කරලා කලද අහම්බයක්කද දන්නේ නැති වුනත් හරියටම මේ දිනය යෙදුනේ පෙබරවාරි 14 දිනක ..අද තරම්ම  වානිජ්‍යකරණය වී නැතත් ඒ කලෙත් මාධ්‍ය වලින් Valentine දිනය ගැන දුන්නු ප්‍රචාර නිසා රෝස මල් වල්ටට් ඉල්ලුම ඉහල ගියා .  කොහොම වුනත් අපේ විද්‍යාලයීය වර්ණ වන රතු පටින්ම රෝස මල් ගුරු මණ්ඩලයේ 160 පමණ වූ සියලු දෙනාටම ගන්න අපේ  අය  නම් සමත් වුණා . (Valentine දිනය සමරන්න හිටපු ගාල්ලේ පෙම්වතුන්ට මල් හිගයක් ඇති වුනද නම් දන්නේ නෑ .) Valentine දවසේ රතු රෝසමල් මේ තරම් ගණනක් කොටුව ඇතුලට town එකේ සිට ප්‍රවාහනය  කිරීම තමයි ලොකුම ප්‍රශ්නය . යුනිෆොර්ම් අන්දලා කොහොම හරි අවුලක් නැතිව මේ ටික ගෙනාවේ තුලානිද කොහෙද මට  මතක හැටියට .. ඒ මගේ වගේම අපි ගොඩක් අය මුලින්ම සමරපු Valentine  දිනය   කොහොම වුනත් අපේ Valentine දිනයේ තියුණු  උත්සවය නම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වුණා . පොඩි  පරහකට තිබුනේ මොනවහරි ත්‍රස්තවාදී ක්‍රියා ප්‍රශ්නයක් නිසා පස්සෙන්ද ඉඳන්  දින නියමයක් නැතිව ලංකවේ ඔක්කොම පසල් වැහුණු එක. කොයි තරම් ඇප වෙමි කැප වෙමි කිව්වත් උපහාර උත්සවය නිසා මට වෙනද පැවරී තිබු රාජකාරියක් එනම් ජාතික ධජය හා පාසල් ධජය පාසලින් පසු කොඩි කණු වලින් ගලවල පාසලේ කාර්යාලේ තියන්න අමතක වුණා .( මතක් වුනෙත් සතියකට විතර පස්සෙද කොහෙද..) කොහොම වුනත් නේවාසිකාගාරයේ හිටපු සොයුරියක් මගේ රාජකාරිය කරලා තිබුන.

Friday, February 6, 2015

මල්!!!

.
මල් පිපෙන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට ..මෙහෙම කිව්වේ මොන්ටිසොරියේදී ...ඒ කාලේ හවසට හැමදාම අපි ආච්චිත් එක්ක හවසට හෙන්දිරික්ක මල් කඩල බුදු හමුදුරුවොන්ට පූජා කළා . දැන් නම් මල් කඩනවා කියන එකට තියෙන්නේ වෙන අර්ථකථන ..හෝඩියේ පන්තියේදී මුලින්ම අදින්න දෙන්නෙත් පෙති 5 මලක්ද කොහෙද ...හත් පෙති මල කියන රුසියන් පරිවර්තන ළමා පොත අපේ කාලයේ නොකියවූ ළමයෙක් නැති තරම් ...ඉස්සර අපේ ගාල්ලේ ගෙදර මිදුලේ දහස්දෙති මල් වවල තිබුණ . පුෂ්පය , කුසුම මලට කියන සමාන වචන කියල සිංහල පාඩමේදී ඉගැන්නවා . "කාන්තාරයේ කුසුම" කියන්නේ Waris Dirie නම් සෝමාලි ජාතික නිරුපිකාව කාන්තාරයේ සිට ඒ තැනට ආ කතාව ."ධවල පුෂ්පය " කියල සිංහල චිත්‍රපටයක්ද කොහෙද තියෙනවා .
උසස් පෙළ උද්භිද විද්‍යා පාඩමේදී නම් මල් කපලම බැලුව . පුෂ්පයේ කොටස විතරක් නොවෙයි පුෂ්ප මංජරී ගැනත් මල් නොපිපෙන "අපුෂ්පක ශාක " ගැනත් ඉගෙන ගත්තා . මල් ගැන ගීත නම් එමටයි. " මල් පිබිදෙන එක ", " මලක සුවද සේ යොවුන් ආදරේ ", "සමනලයා , මල හා ළමයා ..", විතරක් නෙවයි මල්වල නම් වලින්ම ගීත තියෙනවා. " සේපාලිකා මලයි" , " ඕලු පිපිලා ", "රෝස මලක පෙති හැලුනා ", "පින්න මලේ සුද..", "නාමල් පිපිලා ", වගේ අපට හුරු මල් වල නම් වගේම අත්තන ( ඇත්තන මල මං දැකලා බඹර තුඩේ වෙලෙනවා ), දොබ ("දොබ මලින්.."), කඩුපුල් (" කඩුපුල් මලසේ ") , කිඩාරම් මල් (" කිදර්න් මලේ පවා සුවඳ දිග හැරේ .")ගැනත් ගීත තියෙනවා . ලංකවේ දෙකලවත් නැති ඩෑෆඩිල් මල් ගැන දයාන් විතාරණ මහතා ගීතයක් කියද්දී ඇපල් මල ගැන අමරසිරි පීරිස් මහත්තයා ගැයූ ගීතය ආන්දෝලනයකට ලක් වුණා . ඇපල් මල ලස්ස්සන්යි කියල ගීතය ලියපු කැලුම් ශ්‍රීමාල් මහතා කියද්දී ඇපල් මල් ඇත්තටම දෙකල තියෙන අය එක ලස්සන නෑ කිව්වා . එත් ලස්සන සාපේක්ෂයි කියල හිතෙන නිසාත් ගීත රචකෙයුකුට තමගේ පරිකල්පනයට අනුව සිතිවිලි මවන්න පුළුවන් නිසාත් මට නම් එක ප්‍රශ්නයක් වුනේ නෑ . ජපානයේ පිපෙන සකුර මල ගැන නම් ඒ කලේ ඉදන්ම ගීත ලියවිලා තියෙනවා . කාලයක් මල් ගීතම කියන යුගයක් ඇතිවුණා . මන් හිතන්නේ කෙහෙල් මලට ඇර අනිත් හැම මලටම ගීත ලියවුණා . හැබැයි බොහෝ ගීත නිකන්ම ඇහිලා ගිය මිස මතකයේ රැඳුනේ නෑ .මල් විතරක් නෙවයි මලට එන බඹරු, සමනලයන්ද ගීත වලට ප්‍රස්තුත වුන. බඹරු නොඑන කඩදාසි මලුත් තිබුණා . නෙලන්න බැරි නිසාම ලස්සන මල් මෙන්ම ..නෙලාගන්න ඇත ගිග නැතත් පිපෙන්න පතන මල් වගේම දෙපයට පෑගෙන පෙති නැති වනමල් ගැනත් ගීත තිබුණා . ඉතින් කාට අහිමි වුනත් සාදු මල් පිපියන් සැමදා ...