Friday, September 26, 2014

වතුර .............






වතුර ජලයට කියන පර්යාය පදයකි . උදක , දිය ආදියද එයට කියන වෙනත් නම් වේ . වතුර යන වදන කෙසේ ව්‍යවහාරයට පැමිණියේදැයි දන්නේ නැතත් වසර සිය ගනනකට කලින්ද අපිට " අමා  වතුර " තිබුණි . වැස්සෙන් අපිට ලැබෙන වතුර චක්‍රාකාරව සංසාරය වීම ජල චක්‍රය මගින් දැක්වේ . ජල චක්‍රය ට බද වීමෙන් වැස්ස අඩු වී වතුර නැති වීමෙන් ඇතිවන් නියගයෙන් පසු ගිය කාලයේ ලංකාවේ ප්‍රදේශ බොහොමයක් පීඩා වට පත් විය .වතුර සන්බන්ධ බොහෝ දෙයට   මෙන්ම දියර  බොහොමයකටම අපි වතුර යන්න පාවිච්චි කරමු. " තේ වතුර , වැහි වතුර , මඩ වතුර " එයින් සමහරකි .  ගිනි වතුර යනු  නයිට්රික් අම්ලයයි. සඳේ  වතුර නැතත් අපිට සඳ වතුර ඇත . "රතුවතුර " ඉදිරියට හා පසුපසට කියවීමේදී එක ලෙසම  කියවෙන වචනයකි .
වතුරට සම්බන්දයක් ඇත්ද නැත්ද නොදිනිතත් වතුර සම්බන්ද ග්‍රාම නාම සමුහයකි . "වතුර විල , අලවතුර . සීලා වතුර" ඉන් සමහරකි .  සමහරු කියන්නේ ළිං  වතුර   වතුරට වඩා  රස බවය . එත් විද්‍යාත්මකව නම් වතුරේ රසක් නැත . සමහර ළිං  වල ඇත්තේ කිවුල් වතුරය . ටැප් වලින් සමහර විට මලකඩ වතුර එයි .නියන් කාලයට නම් බවුසර වතුර හෝ බෝතල් වතුර පරිහරණයට ගැනීමට සිදුවේ .  වතුර බෝතල් හදන්නේ උල්පත් වතුර වලින් බව කියති . මුහුදේ ඇත්තේ ලුණු වතුරය. එය පානයෙන් පිපාස නොසන්සිදේ . නටවා ගත්  විට ඇල් වතුර උණු වතුර වේ.   ඇල්වතුරත් නිවා බොන අයද අප අතර සිටී . සමහර රසක් නැති කෑමද ඇල්  වතුර වගේය .අයිස් වතුර සීල වුනත් සමහරු ඒවා බාල්දි පිටින් න අනෙක් අයටද අභියෝග කරති .

වතුර පානය ශරීයට ගුණදායක වුනත් මත වතුර පානය නම් එසේ නොවේ . තැබිලි වතුර ද ගුණදායි පානයකි . පොල් වතුර ආප්ප මිශ්‍රණය සැකසීමටද , විනාකිරි නිපදවීමටද ගනී . කහ වතුර පිරිසිඳුකරකයකි . ජලභීතිකාව හැදෙන්නේ සුනකයන් වැනි සතුන් සපා කැමෙනි . නමුත් වතුරට බය අඩුවෙන් නන අයටද ජලභීතිකාව ඇත්තේයයි කියති . ගං  වතුර ඇති වන්නේ ගංගා  පීටාර  ගැලීමෙනි. ඒ අනුව බලන කල වතුර ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයකි .
 .

Wednesday, September 17, 2014

Make Up ..



ඒ දවස්වල අපි make up කලේ පාසලේ නාට්‍යකට හෝ concert එකකට සිටි විටි පමණි . එකල මූණ පුරා  රෝස් පවුඩර් උලා ,lipstick ගා , රූච් කම්මුල් දෙපස උලා (රූච්  නැති විට මෙයට lipstick පාවිච්චි කල නිසා බොහෝ විට කම්මුල් දෙපස රතු ලොකු රවුම් 2ක් ලෙස මෙය සටහන්ව පැවතිනි .) සකසා  ගත මුහුණු අතිශය අස්වාභාවික විය . නමුත් මා මෙන්ම මගේ බොහෝ යෙහෙලියෝද මේ අත්දැකීම ප්‍රිය කලේ එකල සම උදයකම රූපවාහිනියෙන් make up කරන අයුරු පෙන්වීම හෝ හන්දියක් ගානේ saloon නොතිබුණු නිසා විය යුතුය . මගුල් ගෙදරක යනවිට අම්මලා make up කරන අයුරු බල සිටීමටද එකල අපේ විනෝදාංශයක් විය . රැකියාවට ගිය පසු make up සඳහා අවශ්‍ය අඩුම කුඩුම ගත්තේ එය ඒ වන විට නිතරම වුවමන වූ බැවිනි .එකල make up පිලිබඳ රූපවාහිනි වැඩසටහන් ඉතා උනන්දුවෙන් නැරබුවත් ඒවා සුලබ වී හැම චැනලෙය්න්ම විකාශය වීමත් සමග professional make up artist කෙනෙක් තරමටම  දැනුම ලැබූ පසු ඒවා බැලීම නැවත දැමීමි . තනියමmake up කිරීමට වැඩ උත්සව අවස්ථා සඳහා saloon එකක් මගින් make up කිරීම වැඩ පිරිමැසුම්දායි  වන්න ඇත්තේ 2000 දෙවන දශකය අරම්බයත් සමගම විය යුතුය. බහිරව පමණක් කල සත්කාර  අභ්‍යන්තරයටද  එනම් පෙති , සැත්කම් , plastic සැත්කම් එන්නත් පසු කලෙක ආ  අතර  එය ප්‍රසිද්දියේ ප්‍රචාරණය  විය .ඒ ආශ්‍රිත මරණද වාර්තා විය . කෙසේ වෙතත් පාසලේ නාට්‍යකට හෝ concert එකකට අපි එකල දාන  annual  make up තරම් පසු කලෙක දිනපතා handbag එකේ make up කට්ටල දම ගෙන ගොස් දැමු make up වත් හොඳම saloon  එකෙන් දන make up  එක වත් පෙනුම වැඩිදියුණු කිරීම කෙසේ වෙතත් සිතේ  සතුට වැඩි දියුණු කිරීම සඳහා හේතු නොවූ බව දනිමි .

Sunday, September 14, 2014

Book Fair එකේදී ..........


අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න ගියා . වාහන park කරන්න අමාරු නිසා බස් එකෙන් ගිහින් halt 2ක් විතර එහායින් බැහැල පයින් ආවත් අතුල්වෙන්නත් පෝලිමේ පය බාගයක් විතර ඉන්නන වුණා . ගිනි අව්වේ දාඩිය දාගෙන ඇවිදින එක තමයි ලොකුම අමාරුව . ගොඩක් ප්‍රසිද්ද පොත් කුටි වලට ඇතුල් වෙන්න  බිල් ගෙවන්න විතරක් නෙමෙයි පිට වෙන්නත් පෝලිම . පොත් තෝරන්න ඕනෙත් කගේ හරි අතක් උරහිසක් අස්සෙන් එබිලා....සති අන්තය නිසා සෙනග තවත් වැඩයි ...වෙඩි පුර හිටියේ පොත් බලල පෙරලා යන අය ..ජීවන වියදමත් එක්ක හෙමොටම පොත් සඳහා මුදල් යොමු කරන්න නම් බෑ තමයි . එත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න යාම මෝස්තරයක්  විතරක් වෙළද කියල හිතුවා . අපේ පශ්චාත් උපාධි දේශනයකදී නවකතා කියවන හිටියේ මත තව එක්කෙනුකුත් විතරයි ..ඇත්තටම ලංකාවේ මිනිස්සු මෙතරම් පොත් කියවනවානේ, පොත් වලට ලැදියි නේ කියන ගේට්ටුව ලඟදි අපු සිතුවිල්ල පස්සේ නැති වුන . විවිද විෂයන්ට අදාල පොත් ගන්න අපු විශ්ව විද්‍යාල සිසුන්,  විභාග ප්‍රශ්න පත්‍ර , අමතර පොත් , ලිපි ද්‍රව්‍ය ගන්න ගන්න දරුවෝ එක්ක අපු දෙමවුපියෝ....කලේ මරන්න අපු පෙම්වතුන් , පුස්තකාල වලට පොත් ගන්න අපු ය වගේම ,  මරන්න අපු අයත් හිටිය . පොතක් ගෙන තොරතුරක් අහන්නවත් සමහර තන්වල් කෙනෙක් නෑ .. දැනුමක් හෝ වෙලාවක් නෑ ..කොහොම වුනත් ගන්න ඕනේ පොත් හා යන්න ඕනේ පොත් ප්‍රකාශයන් තීරණය කරගෙන අපු නිසා පැය  2හමාරකින් වගේ පොත් ටිකක් අරන් පිට වෙන්න පුළුවන් වුණා . හැබැයි BMICH එකේ කාර්ය මණ්ඩලයට නම් පිරිසිදු කරන්න සසේන වෙහෙසක් වෙන්න වේවි ..පරිසරය ගැන කොයි  තරම් නිවේදනය කරත් , මොන තරම් dustbin තිබුනත් බිම කොළ , ice cream දවටන් කෝටූ දල තියෙනව වගේම ලස්සනට landscaping කල ස්ථාන මල් පැල පාගාගෙන ගිහිල්ලත් තියෙනව දැක්ක ..අපි  ප්‍රදර්ශනය බලන්න එන්නේ පොත් බලන්නද ඒ පොත් කවදාවත් කියවල දැනුම ගන්නේ නැද්ද කියලත් හිතුණා ...

Sunday, September 7, 2014

කොණ්ඩය ...



පාසල් යන කාලයේ මට තිබුනේ ඉතා කෙටිව කැපු කොන්ඩයකි .  ප්‍රාථමික  පන්තිවලදී අම්ම හෝ තාත්තා  මැදින් බෙදා පීරා සකස් කල පසු කලකදී මම එය පස්සට පීරිමට පුරුදු වුනෙමි . පාසල් වියයට පෙර කෙටි කැළැල් මට pig tails දැමිය  කොණ්ඩයක් තිබුණු බවට ජයාරූප ඇතත් මට එය මතක නැත . ම කොණ්ඩය වැවුවේ  උසස් පෙළ විභාගය කලටත් පසුය . මා  කොණ්ඩය  ගොත ගෙන පාසල් යාමට දැඩි ආශාවක් දැක්වූවද මට එයට ඉඩක් නොවිණි . විශ්ව විද්‍යාලයට කොණ්ඩය  ගොත ගෙන ගිය එකම දිනයේදී එය හදිසියේ වසා දැමු  මගේ යෙහෙළියන්ගේ බලවත් ඉල්ලීම උඩ ඉන් පසු මම කොණ්ඩය  ගොත ගෙන නොගියෙමි . (මගේ කොණ්ඩය ගොතා ගෙන යාම හා විශ්ව විද්‍යාලය වැසීම අතර correlation එකක් ඇති බවට සමීක්ෂණයකින් තොරවම ඔවුන් නිගමනය කිරීම නිසා.)
කවදත් කීකරු  කොණ්ඩය පාලනයට මුලින්ම ගුරු වෘත්තියට ගිය පසුද පසුව අද සිටින රැකියාවට පැමිණි පසුද බලවත් වෙහෙසක් දැරීමට  සිදුවිය . මුලින්ම පාසල් අධීක්ෂනයක් සඳහා  පුහුණුවේ සිටි අපි ගිය දින මගේ වෘත්තික සගයන්ට මගේ කොණ්ඩය බැඳීම සඳහා විශාල මෙහෙයුමක් කිරීමට  සිදුවිය . බෝඩිමේ සිටි මිතුරියන් සමහර අවස්ථා සඳහා මගේ කොණ්ඩයට කෘතීම කොණ්ඩ තබා කොණ්ඩය බැන්දද කටු 100ක් පමණ  රැඳවු ඒ කොණ්ඩය නිසා සවස් වන විට මට හිසරදය සැදීම නොවැළක්විය  හැකි විය . මා යම් තරමකට කොන්දය් කෙටි කර කැපීමට පුරුදු වුයේද එයින් pony tail මගින් කොණ්ඩය රඳවා ගත හැකි වූ නිසාය .
පෙර දනහිස ලඟට කොණ්ඩය තිබු මගේ යෙහෙළියන්ගේ කොණ්ඩය දැන් ඇත්තේ බෙල්ල ළඟය . අක්බමරු කොණ්ඩ බොහොමයක් straight වීද සමහර ඉත්තෑකූරු කොණ්ඩ රැලි වීද ඇත . බොහෝ විට පහසුවත් රැකියාවේ ස්වාභයත් වාසය කරන රටේ සංස්කෘතියත් නවීන් විලසිතාත් මෙයට හේතු වන්නට ඇත . කලාතුරකින් කෙටි කොණ්ඩ බෙහෙවින් දික්වූ අයත් ඇත . මගේ කෙටි කොන්දය් එතරම් දික නොවුවත් මා තවමත් මගේ ස්වාභවික කොණ්ඩය පවත්වාගෙන් යන්නේ රැලි ඇතිත් නැති නැතිත් නැති straight ඇතිත් නැති නැතිත් නැති මේ අකීකරු කොණ්ඩයට තවමත් ම ඇලුම් කරන නිසාවෙනි.