සමාජ අධ්‍යයනය පාඩමට මධ්‍යම කඳුකරය හා ශේෂ කඳු ගැන ඉගෙන ගත්තේ 8 පන්තියේදී . රාජධානි බොහොමයක් පිහිට තිබුනේ කඳු ආශ්‍රිතව . සෙන්කඩගල රාජධානිය ඉංග්‍රීසින්ට යටත් කර ගන්න අපහසු වෙන්නත් කදු සහිත භූ විෂමතා ලක්ෂණ හේතු වෙන්න ඇති . සිතියම් ලකුණු කරද්දී කඳු ලකුණු කරන්නේ දුඹුරු පාටින් ත්‍රිකෝණකරව. ශ්‍රීපාදය , වැඩහිටි කන්ද කඳු ප්‍රසිද්ධ ඒවායේ ආගමික වටිනාකම් නිසයි . ලෝකයේ උසම කන්ද එවරස්ට් වුනාට ලංකාවේ උසම කන්ද පිදුරුතලාගල. ලංකාවේ ගිනි කඳු , හිම කඳු නෑ . එත් කුණු කඳු තියෙනවා . වැලි කඳු තියෙන්නේ කාන්තාර ආශ්‍රිතවයි .
අපේ නිර්මාණ සාහිත්‍යටත් කඳු වස්තු විෂයය වෙලා තියෙනවා. " හපුතලේ කන්ද දැකලා බඩ දනවා " කියල කරත්ත කවියක් තියෙද්දී " කන්දේ ලන්දේ .. කියල ගැමි සිරියාව මවන්නේ රෝහණ බැද්දගේ ශූරින් . " කන්ද උඩින් " එන අය වගේම " කන්ද කපා පායන හදත් " අපේ ගීත සාහිතයේ හමු වෙනවා .
" කන්දේ වීදිය " කෘතියට පදනම් වෙන්නේ සෙන්කඩගල පුරවරයලු( තාම කියවලා නම් නෑ ). "කන්දක් ගිනි ඇවිලෙන්නේ " කියල කවියකුත් සාහිත්‍ය සම්මාන ලබපු පොතකුත් තියෙනවා . ඇත්ත කන්දක් නොවුනත් සාහිත්‍යයේ නම් "චුම්බන කන්ද" ත් හමු වෙනවා.
කන්ද නාමය ගම් නගර වලටත් ඇවිත් ඇත්තේ ඒ ආශ්‍රිතව කඳු තිබුණු නිසා වෙන්න ඇති . මහනුවර හදුන්වන "Kandy " කියන ඉංග්‍රීසි වචනය බිදෙන්න ඇත්තෙත් "කන්ද" කියන වචනයෙන් වෙන්න ඇති කියල සමහරු විස්තර කරනවා . " දොළු කන්ද " , " කන්දේ වත්ත ", " පින් කන්ද " , "වැලිකන්ද " ඒ වගේ නම් කිහිපයක් .
යම් ද්‍රව්‍යක විශාල සංඛ්‍යාවක එකතුවටත් සිංහලයා කන්ද කියනවා . " පොත් කන්ද ", " රෙදි කන්ද " එහෙම යෙදෙන අවස්ථා කිහිපයක්. " පහන් කන්ද පාමුල අඳුරයි " කියල කියන්නේ ලෝකයටම වැඩ සලසන එලිය දෙන කෙනාගේ ජීවිතය , ගෙදර ඇතුලත් ප්‍රශ්න හරි දුක් හරි තියෙන කොටයි . දැන් මම මේ සටහන නැවැත්තුවේ නැත්නම් මම "කෙන්ද කන්ද කරනවා" කියල ඔයාලට හිතෙයි .