Wednesday, March 26, 2014

Big Match එකෙන් පසු .


..
  මාර්තු මාසය Big  Match සමයයි ..Big  Match පාසල් වල සිසුන්ට එය annual  event  එකකි ..අපේ පාසල Big  Match වලට‍  අදාල නොවුනත් එකල මහින්ද -රිච්මන්ඩ් ක්‍රිකට්  ගැටුම අපටද annual  event  එකකි....අපි මේ පිළිබඳව කොතරම් උනන්න්දුද යත් නව ගොඩනැගිල්ලේ කෙලවර වූ 11 පන්තියට අපි ගිය දිනම අපේ මිතුරියක් පැවසුවේ "නියම  පන්තිය ..ශෝක්  එකට සයිකල් පෙරඩ්  එක බලන්න පුළුවන් යනුයි " ( අපේ පැතුම් බොඳ කරමින් සයිකල් පෙරඩ් එකට පෙර  අපේ පන්තිය රිජ් ගොඩනැගිල්ල වෙත මාරු කිරීම වෙනම කතාවකි ) කෙසේ වෙතත්  දෛවෝපගත හෝ සැලසුම් සහගත ලෙස අපේ පාසලේ වාර්ෂික දානය  හා පිරිත මේ දිනවලම යෙදන හෙයින් අපිට big  match  අත්දැකීම් වැඩිපුර ලැබේ . මං   පාසල් යන කලේ නම් ඔය තරගය කවදාවත් කවුරුවත් දිනුවේ නැත. දිනුවේ නැති වුනාට  එහි  අශ්වාදයේ අඩුවක් තිබුනේ නැත . කොටු පවර උඩට වී හෝ නගරයේ සංචාරය කල  පාසල් දෙකෙහි සිසුන්ටද (ගාලු මහජන ක්‍රීඩාංගනයට  වඩා  සමහර විට ප්‍රේක්ෂකයෝ අපේ පාසල  අවට සිටි අවස්ථාද තිබිණි .)  තරගයේ ජය පැරදුම එතරම්  වැදගත් වී තිබුනේයැයි නොසිතමි .  එකල නම් ඔරලෝසු කණුවේ හෝ නගරයේ කොඩි දැමීමේදී සිදුවූ සුළු සිද්දියක් හැර ගැටුමක් දකින්නටම නොවිණි. තිබුනද ඒවා තරගයෙන් පසු කාටවත් මතක තිබුනයිද නොසිතමි . එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ආදර සටනක් " විය  .මෑත බාගයේදී පිට පිට වසර දෙකක් ම ක්‍රීඩා පිටියට නරබන්නන් කඩ වැදී තිබුණි.  කවුදෝ කියා තිබුනේ ගාලු පෙම්වතුන්  දැන් විවාහ වී ඇති නිසා ආදරය ගිලිහී ගොස් දරුණු සටන් ඇති වූ බවයි . මෙවර විනිසුරු තීරණය අනුව රිච්මන්ඩ් විදුහල ජය ගත්තද ජයග්‍රහණය අභිමුව සිටි ඔවුන්ට වඩාත් ආශ්වාදනීය  ජයකට යාම ප්‍රේක්ෂක බාදා  නිසා අහිමි වූ බැව්  හැඟිණි .  ඒ කෙසේ වුවද big  match  එක දැන් ඉවරය . අයෙත් එන්නේ ලබන වසරේය . එතෙක් face book හා වෙනත් මාධ්‍ය මගින්   සිද්දිය නැවත නැවත හෝද හෝද  මඩේ  දැමමීමත් පහර ගැසීමත් මේ පෙම්වතුන් දෙපලටම හොඳ මදි බව අල්ලපු ගෙදර එකෙක් වන මගේ සිතිවිල්ලයි . කවුදෝ කියූ ලෙස ගාලු පෙම්වතුන් දැන් විවාහ වී වියපත් වී ඇතත් අපි නම් ඉගෙන ගෙන ඇත්තේ දෙන්න දෙමහලන්න්ගේ රණ්ඩු  බත් හැලිය  ඉදෙනකම් විතරක් කියාය ....

Friday, March 14, 2014

තේ ...

තේ ගැන මුලින්ම ඉගෙනගෙන  තියෙන්නේ ලංකාවේ ප්‍රධාන  අපනයන භෝගය ලෙස ..උඩරට , මැදරට , පහතරට කියල තේ වර්ග 3ක් ගැන ඉගැන්නුවා ..තේ වල උද්භිද විද්‍යාත්මක නාමය Camilla  thea කියල ඉගෙන ගත්තේ උසස් පෙළ පන්තියේදී ....ඒ සේරටම කලින් ඉස්කෝලේ යන්නත් කලින් තේ වල හා සුවද  ගැන දන ගෙන හිටියා ..එක එක්කෙනා තේ හදන විදියත් තේ බොන විදියත්  වෙනස් ..කොඉතරම් මෝල්ටඩ් මිල්ක් , චොක්ලට්  පවුඩර් දැම්මත් ඒ මොනවත් නැතුව  අපේ අම්ම හදන තේ එකේ රස ලගින් යන්නවත් මට තේ හදන්න බෑ ..අපේ ආච්චි ඉන්න කලේ තේ හැදුවේ හැන්දෙන් කලත කලත  හරියට තේ කඩේක තේ හදනවා වගේ ..ඒ දවස්වල අපේ ගෙදර උදව්වට හිටි ගැනු  ළමයා  උණු තේ එක  මාරුවෙන් මාරුවට භාජන 2කට වත් කරලා නිවල දෙනවා ...පෙනත් එක්ක තියෙන ඒ තේ බොන්න ඒ දවස්වල මන් හරිම ආසයි ...  මැලේසියාවේදී අපේ විශ්ව විද්‍යාල කැන්ටිමේ ඉන්න චීන ආන්ටි  දිගට ඇදපු තේ එකක් "තේ තරීක් " කියල දෙනවා ..

මගේ මිතුරියක් කිරි දාල  තේ බොන්නෙම නෑ ..ඉන්දියාවේ තේ දෙන්නේ කිරි උණු කරලා දාලයි ..චීනේ  කොරියාවේ green  tea  ජනප්‍රියයි ..චීන අවන්හල් වලදී (මේවා හැම හන්දියකම තියෙන ඒවා නෙවයි ඔරිජිනල් චයිනීස් ) green  tea  කෝප්පය බීල ඉවර වෙන විටම නැවත පුරවනවා ...කසකස්ථානයේ ය බොන්න කැමති ice tea ..

ඉස්සර මන් plain tea  බොන්නේ  නෑ ..සැර  කෑමක්   කාල උණු උණුවේ ඉගුරු දාපු  plain tea එකක් බිව්වම තියෙන රස දැනගත්තේ රස්සාවට ආවම ...campus  හොස්ටල්  ඉන්න කාලේ පාඩම් කරරනකොට බඩගින්න නිවාගන්නත් නිදි මත නැති කරගන්නත් අපි තේ බිව්වා ..දැන්නම් රෑට  බොන්නේ Green Tea ..ඒ ශරීරයේ බර අඩු කර ගන්න ...

ලෝකේ පුරාම ඉස්තරම්ම් තේ ලෙස ලංකවේ තේ ජනප්‍රියයි ..වතාවක් පිටරටකදී මගේ ඊජිප්තු  මිතුරියක් මාව  චීන මිතුරියකට අදුන්ව දුන්නේ "ශී  ඉස්  ෆ්‍රොම්  සිරි  ලංකා ..යු නෝ සිරිලන්කන්  ටී " කියලයි . මුලින්ම විදේශ  රටකට ගිය වෙලාවේ hotel  room  එකේදී පාලුවෙන් වටපිට බලද්දී .මේසයක් උඩ  හොඳට දන්නා කෙනෙක් .." Pure  Sri  Lankan Tea "...ලෝකේ  හිටියත් තේ කොප්ප්යත් එක්ක අපි අපිට සුපුරුදු රස , සුවද , උණුසුම විදින්නේ එහෙමයි ..

ඉස්සර නම් තේ වලට  වැනිලා , ඉගුරු වගේ දේ විතරයි ...එත් දැන් විවිද පලතුරු රසිනුත් තේ එනවා ..විශේෂයෙන්ම දෙහි දාල  හදන ice lemon tea තියෙනවා ..ඒ වගේම සමහර තේ වලට පිච්ච ආදී මල් වේලලත් මුසු කරනවා ..කොහොම වුනත් විඩාපත් දවසක අවසානයේ තේ කෝප්පයකින් ලැබෙන ප්රෝබදමත් බව නම් කියලා  නිම කරන්න බෑ .. මම යනවා තේ එකක් බොන්න ...



Monday, March 10, 2014

MH 370



මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 ගුවන් යානය  සෙනසුරාදා අතුරුදහන්  වුණා . තවමත් යානයට වූ දෙය ගැන නිසි තොරතුරක් නෑ . විදේශගතවූ  අවස්තාවන්හීදී  වැඩිම වාර  ගණනක් Malaysian  Hospitality (MH ) වින්ද කෙනෙක් විදියටත් වැඩිම කාලයක් ලංකාවෙන් පිට ජීවත් වූ රට ලෙස මැලේසියාවට ඇති කැමැත්තත් නිසා මේ සිද්දිය මගේ සිත  සසල කරන්න ඇති . අපි මැලේසියානු ගුවන් සේවය බොහෝ  බාවිතා  කලේ එය සාපේක්ෂව ලාබදායි  වූ නිසා . Air  Asia  එයට වඩා බෙහෙවින්  ලාබදායි වුනත් ටිකට්පත්  අවලංගු කිරීමට   මිස ගමන් වාරය  වෙනස් කිරීමට නොහැකි වීමත් budget airline  පිලිබඳ  එතරම් විස්වාසයක් හෝ අත්දැකීම් නොමැති වීමත් අපේ තේරීමට හේතු වෙන්න ඇති . බොහෝ විට අපි ලංකාවට මාලේ  හරහා මාලේ ගුවන් තොටුපලේ  නවතා  තිබෙන පැයක  කාලයේදී ශ්‍රී ලංකාව   බලා  යන මගීන්ට එලියට යන්න  දෙන්නේ නෑ . එත් මාලදිවයින් ජාතිකයන් යානය පිරිසිදු  කිරීමේ කටයුතු වල නිරත වෙනවා . පරංගියා  කෝට්ටේ  ගියා වගේ  ලංකාවට  රවුම් පාරකින් එන මේ ගමනේ ක්ගුවන් කාලය දීර්ග වුනත් දූපත් ගොඩකින් සමන්විත මාලදිවයිනට රාත්‍රී කාලයේ ගොඩ බසින  විට දක්නට ලැබෙන දර්ශනය නම් ඉතාමත් අලංකාරයි . රාත්‍රී විදුලි ආලෝකය යටතේ ගුවන් යානයේ සිට මෙය ජායාරූප ගත කිරීමට බොහෝ වරක් ගත්  උත්සහය අසාර්ථක වුණා .  කලෙක ඉන්දුනීසියාවේ සිට මලයාසියාව හරහා ලංකාවට පැමිණීමේදී මේ route  වෙනස් වී කෙලින්ම කොළඹ බලා  ආවා මතකයි .
කොහොම වුනත් ඉතාම දුකින් පවුලේ අයගෙන් වෙන්වී  පැමිණ ඊටත් වඩා දුකින් සහෘදයන් ගෙන් වෙන්වී පැමිණි ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අතුරුදහන වූ ගුවන් යානයේ මගීන්ගේ නෑ  හිත මිතුරන් රැදී සිටිනු දැකීම අතිශය දුක්බරයි.  ආරක්ෂාව අතින් ඉතා ඉහල තැනක  තිබෙන ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  එක ස්ථානයකින් එහාට  දියර වර ගෙනයන්නත් බෑ . අපි ගෙනයන චූටි වතුර බෝතලෙත් එතනදී බීල ඉවර කරලා flight  එකේ drinks  දෙනකන් තිබහින් ඉන්නවා. ඒ වගේ තැනක අනුන්ගේ passport  එකකින් වෙනත් 2කු  ගුවන් යානයේ යාම සිත ගන්නවත් අසීරුයි .කොහොම වුණත්  මේ අසීරු මොහොතේ එකිනෙකට චෝදනා නොකර ගනිමින් ජාතියක් ලෙස එකට සිටින මලෙසියා නුවන් ගෙන තිබෙන්නේ පහන් හැගීමක් .  සර්ව ආගමික නායකයුනුත් මෙයට එක්  වී සිටියා . කොහොම වු නත් තවමත්  බලා  සිටින්නන්ගේ හදේ  ගිනි නිවාලන සැනසුම් සහගත ආරංචියක්  MH  370 ගැන  ලැබේවායි මාත්  ප්‍රර්ථනා කරනවා.