Saturday, January 2, 2016
නොලියවුණු කවිය ...........
චන්දස් සපිරුණු
එළිසමය ගැලපුණු
එනමුත් නොලියවුණු
සිතේ පමණක් රැදවුණු
අරුත් සුන්වූ
සියලු රසහව් දැනවූ
අනතුරු ලකුණු දැක්වූ
පදවැලකි නිම නොවුණු ...
දෙසැම්බර් 31 සහ ජනවාරි 01..
දෙසැම්බර් 31 ..පරණ අවුරුද්දක අන්තිම දවස...ඉස්සර පොඩි කලේ නම් මේ කාලෙට නිවාඩු... අම්මල ගෙවල් ඇස කරල නව වසර පිලි ගන්න ලස්ය්ති වෙනවා ..අපි නම් අලුත් පාසල් වාරේ ළඟ නිසා එකට පොත් එහෙම ලෑස්ති කර ගනිමිනුයි ඉන්නේ...දැන් අන්ම කාලෙකින් දෙසැම්බර් 31 ජනවාරි 1 දිගට office දවස් .. 31 වෙනිදට පරණ අවුරුද්දේ වැඩ ඉවර කරන්න , accounts පියවන්න, progress දෙන්න දේවල් ගොඩයි..කලින් ඉවර කරන්න තිබුනත් හැමදාම නොවැලක්විය හැකි දේ මතු වෙන නිසා මෙහෙම වැඩ යෙදෙනවා...1 වෙනිදා මේ සේරම ඉවර කරලා නව වසරක..ප්‍රතිඥාව දීල...ආගම සිහි කරලා , කැවුම් කිරිබත් කාල වැඩ පටන් ගන්නවා..එදාට දවස හරිම නැවුම්..කවුරුත් තරහ ගන්නෙත් නැහැ ..බනින්න හිතුනත් 1 වෙනිදා නේ කියල එක කරන්නෙත් නැහැ ..උදේට හැමෝම " සුබ අලුත් අවුරුද්දක් වේවා "..කියල කට පුර හිනා වෙලා සුභ පතනවා..එදා උදේට office එකේ හැමෝම වගේ හම්බවෙනවා.. හැමදාම මෙහම් නම් හොඳයි කියල හිතෙනවා ...
අපේ ජීවිතෙත් දෙසැම්බර් 31 වගේ පරණ දේවල් ඔක්කම ඉවර කරන්න , අලුත් අවුරුද්දට නොගේනන්න අවසථාවක් /deadline එකක් එනව නම් හොඳයි හිතෙනවා..කුහකම්, නපුරුකම්, සතුකම්, සිත් රිදීම් , දුක්බර මතක් වලලා ජනවාරි 1 වගේ අලුත්ම විදියට ජීවිතේ පටන් ගන්නත් ගෙනයන්නත් ඇත්නම්...
Friday, November 13, 2015
නොආ ආකාශ වස්තුව
අපි කවුරුත් ආකාශ වස්තුව එනතෙක් මග බල සිටියෙමු. ධීවර නාවික කටයුතු 11 සිට 1 තෙක් නතර කිරීමටද උපදෙස් දී පණිවුඩ පැමිණිනි. නාසා මොන මොන දේ කලත් අන්තිමේ artificial අකෂ වස්තුවේ කොටස ගමන් මග ලෙස අපේ ගම පළාතම තෝර ගත්තේය .(එකෙත් හැටි ..සුනාමි නොදන්වාම අවෙත් එහෙටය.) තාරකා විද්‍යාඥයන් , වියතුන් පමණක් නොව ජෝතිෂ්‍ය වියතුන්ද විවිද මත පළකළහ . ගොඩබිමට වැටුනොත් මොකද වෙන්නේ? මුහුද වැටුනොත් මොකද වෙන්නේ ? නොදැවී වායුගෝලයට අවොත් මොකද වෙන්නේ ප්‍රශ්න ගොඩකි. මේ දවස්වල දැවෙන ප්‍රශ්නය ආකාශ වස්තුවය . සමහරු වැඩට යාමටද , දරුවන් පාසල් යැවීමටද මැලි වූහ . සමහර රූපවාහිනී සේවා නම් සජීව විකාශ සූදනම් කරගෙන් දකුණු වෙරළබඩ තම ආයතනයේ ධජ ඔසවා camera සූදානම් කරන ඉන්නටද ඇත. ආකාශ වස්තුවේ ලෝහ හෝ වෙනත් නොදැවුණු කොටස් ඉතා වටිනා විය යුතු බව සමාහු මත පල කලහ . අකුණු සන්නායක , වාලම්පුරි , සුදු කැස්බෑවන් , වල්ලපට්ට් මතු නොව කබර හූනන්ටද මිලක් නියම කල ඇත්තන් මේ කොටස් අවුල මිල කිරීමටද සිහින දකින්නට ඇත . ආකාශ වස්තුව පුද්ගලික ඉඩමකට වැටුනානම් ඉඩමේ මිල 20 ගුණයක් වත් ඉහල යවා ගන්නට තිබිණි. වෙරළබඩ නිසා " space debris beach hotel " හෝ "space cottage " වැනි නමක් දමා හෝටලය අරබන්නට හෝ එය බලන්නට එන්නට තේ , අහර , සමරු තිලින විකුන්නට මගක් හද ගන්නට තිබිණි. සති අන්ත පත්තර පිටුවල් තබා තිබු ඉඩ වලට වෙන මොකක් හෝ දමන්නට වෙන්න ඇතිය. කෙසේ වෙතත් ආකාශ වස්තුව ලොවක් රවටා හොරෙන් අළුවී ගියේය .අදෝමැයි ...
Thursday, September 24, 2015
නිලි වැස්සට තෙමීම ...
කත්‍යනා අමරසිංහගේ නිලි වැස්ස කියවුයෙමි . නිලි වැස්ස යන්න මට ආගන්තුක වචනයකි . එහෙත් පොතේ පිටුවන් පිටුව ඉතිහාසික , දේශපාලනමය අරගයක් තුල දිවෙන් රන් මැණිකා නම් සම්මතයට අභියෝග කල කතාව දිව යයි . කත්‍යනා මේ පොත පුද කරන්නේද මානව සංහතිය වර්ණවත් කල අසම්මත ගැහැණුන්ටය . අසම්මතය යනු අයහපත් හෝ පිළිගත නොහැකි දේ ලෙස බොහෝ අය සිතතත් මා එය දකින්නේ සම්මත රාමුවට අභියෝග ලෙසය .ලෝකය වෙනස් කර ඇත්තෙත් , විච්ත්රවත් කර ඇත්තෙත් සම්මතයට අභියෝග කල ගැහැණුය. සර්වජන චන්ද බලය ලබගනීමේදීත් , ලොව ප්‍රථම අගමැතිනිය පත් කර ගැනීමේදීත් ශ්‍රී ලාංකිකයන් සම්මතයෙන් බැහර වුහ . කෙසේ වෙතත් සම්මතයෙන් සමපූර්ණයෙන්ම බැහැර වූ ( වාරියපොළ තරුණිය , මාලඹේ කාන්තාව ) අදද සාකච්චාවට විචිත්‍ර මාතෘකා සපයයි . මොවුන් 100% නිවැරදි හෝ වැරදි යයි කීමට නොහැකි වුවත් මෙම සිදුවීම් අන්තර්ජලයෙද තවමත් පුවත් මවන්නේ ඒ සම්මතයෙන් ඔබ්බට වූ දේ නිසයි. ඉදින් රන් මැණිකා සුදු බණ්ඩාට කම්මුලට නොගැසූවානම් , ආගන්තුකයෙකු ගෙට කැන්දා නොඅවානම් , ඒ තරුණය සමග කන්ද උඩරටට නොපැමිනියානම් , රජුට නොබියව කතා නොකලානම් , ගාලු ලන්දේසි කොටුවට රජුගේ රහස් පණිවුඩය ගෙන යාමට එඩිතර නොවුනානම් , සිංහලේ රජු අමතක කර තම හිතට ඉඩදී ඕලන්ද කපිතාන් හා සෙනෙහින් නොබැදුනා නම් කතව මෙසේ විචිත්‍රවත් වන්නේ නැත . එහෙයින් කත්‍යනා මෙන්ම මමද ඇතිකිරිගල රන් මැණිකා නම්වූ මේ අසම්මත ගැහැණියට ඇලුම් කරමින නිලි වැස්සට තෙමෙමි .
Friday, September 18, 2015
උදුම්බරා පින්ගුත්තරට (නො ) කී කව ...
ඈත නුවරක රකින්නට තම මවුපියන් ඉන්නට ඇති
දීග අතරුනු කඳුළු වියලුනු නැගණි සිහිවන්නට ඇති
කැඩුණු ලනු ඇඳ කුලී ගෙදරක සුසම් රඳවා ගන්නැති
සකල ශිල්පය පනම් අටකට තුලාවට සරි වෙන්නැති
දීග අතරුනු කඳුළු වියලුනු නැගණි සිහිවන්නට ඇති
කැඩුණු ලනු ඇඳ කුලී ගෙදරක සුසම් රඳවා ගන්නැති
සකල ශිල්පය පනම් අටකට තුලාවට සරි වෙන්නැති
දිව බොජුන් සළු පිළි විලවුන් නැතත් මට කම් නැති
රාජ මාළිග , උයන් කෙලි දැසි දසුන් පිරිවර උරුමැති
මියැදී සිහිනය සි මැදුරු කවුළුවෙන් සුළඟට මුසුවෙති
මගේ කඳුලක් සිරි යහන ගැබ රහසේ සැඟවෙන්නැති
ගසේ පාමුල අතුල විසකටු වලට නවතනු බැරිවැති
මුදු වදන් රජ සිරිත් හමුවේ වුවත් අමතක වෙන්නැති
අතැර දා ඔබ ඉතිරි කර ගිය සන්තකය වූ අරුමැති
හදේ ඇමිනුණු එකම කටුවක් සදා තවමත්එහි ඇති
රාජ මාළිග , උයන් කෙලි දැසි දසුන් පිරිවර උරුමැති
මියැදී සිහිනය සි මැදුරු කවුළුවෙන් සුළඟට මුසුවෙති
මගේ කඳුලක් සිරි යහන ගැබ රහසේ සැඟවෙන්නැති
ගසේ පාමුල අතුල විසකටු වලට නවතනු බැරිවැති
මුදු වදන් රජ සිරිත් හමුවේ වුවත් අමතක වෙන්නැති
අතැර දා ඔබ ඉතිරි කර ගිය සන්තකය වූ අරුමැති
හදේ ඇමිනුණු එකම කටුවක් සදා තවමත්එහි ඇති
Thursday, September 17, 2015
අච්චාරු..
අපි පුංචි ඉස්කෝලේ එනකොට යාලුවෝ එක එක පලතුරු වාරෙට අච්චාරු අරන් එනව.. බිලින්, ජම්බු, පේර , ඇඹරැල්ල , වෙරළු ඒ අතරින් ප්‍රදානයි. ඒ දවස්වල 2-3 පන්තියේ ළමයෙකුටත් පලතුරු කපල හෝ තම්බල ලුණු, මිරිස්, ගම්මිරිස් දාල අච්චාරු හදන්න දැනුම තිබුණා . පසු කලෙක ගෙවල් වල මැලේ අච්චාරු සිංහල අච්චාරු හැදුවත් ඒවා පඩි පලතු කඩේ සිට තරු 5 හෝටල් දක්වා ගිහින් කෑවත් පන්තියේ කපු අච්චාරු රස අමතක නෑ .අදත් අමු වෙරළු දැක්කම ඒවා තමබ්බන , ජම්බු අච්චාරු හඳන්න හිතෙනවා. එත් ලඟදි දවසක් මම මේ ඕනෙම අච්චාරු වර්ගයක් විකුණන කඩයක් දැක්ක . ප්ලස්ටික් බජන හරි පොලිතීන් බැග් වල අහරි අච්චාරු දල දෙනවා . රසයි ..එත් ඒ දේවල් ඒ තරම් සුලභ නැති කලේ පන්තියේ තියාගෙන interval එකට කලිනුත් හොරෙන් කපු අච්චාරු රස තාම මතකයි
Saturday, August 1, 2015
අද වගේ දවසක..
කාලෙකට ඉස්සර අද වගේ දවසක තරුණ තරුණියෝ 62 ක් අලුත් පත්වීම් ගත්තා . විභාග 2ක් විතර තිබිල interview එක කල් ගිහින් කොහොම හරි නොහිතුවක වෙලාවක කැඳවීමක් ... පස්සෙන්ද ඉදන්ම මීගොඩ පුහුනුවක්ලු... නවතින්න දේ අරන් අවේ නැති මම අම්මා ගාල්ලේ යවල පස්සෙන්දට තත අතේ මීගොඩට බඩු එවන්න කිව්වා .. ලංකාවේ වටේම අය ..campus වල , ගමේ අඳුරන ය කීපදෙනකුත් හිටිය .....ඔක්කොම අම්පාර වගේ දුෂ්කර සේවා ස්ථාන වලට යවනවා කිව්ව් නිසා මුල් training එකේ සතුට නම් අඩුයි.. placement වලින් පස්සේ මීපේ, SLIDA මාස තුනේ පුහුණුව නම් රසවත්....පස්සේ තව කීප දෙනකම කණ්ඩායමට එකතු වුණා ......
තනතුරු නාමය නම් මුලදී ටිකක් සැර හා බර වැඩියි වගේ..ඒ නිසා විදුහල්පති පත්වීම් ගන්න ගිය අයගෙන් උසස් පෙළ ළමයෙක්ද කියලත් ..පාසල් අධීක්ෂණයට ගිය සහකාර අධ්‍යක්ෂවරයෙක්ගෙන් අලුත් විද්‍යා පීඨ ගුරුවර්යේක්ද කියලත් අහල තිබුන ..අමත්‍යන්ශයේ සහකාර අධ්‍යක්ෂවරුන්ට නම් නම් අලුත් සංවර්ධන සහකාර වරුන් කියලත් පටලාගත් ය හිටිය ...
කොහොම වුනත් වදෙන් පොරෙන් කට්ටිය අද යම් තැනක් ඉන්නව.. ප්‍රධාන ජාතික පාසල් වල විදුහල්පති , උප විදුහල්පති ලෙස පළාත් කලාප , අමාත්‍යංශය , දෙපාර්තමේන්තු වල තැනක් තිය ගත්තු අය colours පෙන්නපු අය ඉන්නවා .. ඉඳ හිට .ප්‍රශ්න, අභියෝග නොතිබුණා නොවෙයි ..එත් එහෙම නොතිබුන නම් මේ ගමන ඒකාකාරියි ..දැන් නම් අපි ටිකක් mature වෙලාලු ...අනේ මන්ද එත් අයෙත් මීගොඩ වගේ chit pass කරන්න ..SLIDA එකේ වගේ නම board එක්ක ගහල ඉස්සරහින් තියාගෙන ඉන්න ...ගිනිබෝල සෙල්ලම කරන්න...( 99% හොස්ටල් එක ගිනි තියපු හනුමන්ත batch එක වීමෙන් බේරුණු) නටන්න , සින්දු කියන්න, චීන අඩි සංදර්ශන තියන්න , face wash එකෙන් bath room හෝදන්න නම් කාලයක් එන එකක් නෑ ,අමාත්‍යංශයේ හිටි නිසා බොහෝ දෙනෙක් එහි එන වෙලාවට හෝ පළාත්, කලාප , පාසල් වලට යාමේදී හමු වුනත් එයින් පසු දැක්කේ වත් නැති අය ඉන්නවා ...සමහරු විදේශ ගතවුණා , සමහරු වෙන සේවා වලට ගියා ..(හොඳ වෙලාවට දන්නා හැටියට වැඩ තහනම් අය නම් නෑ )..ඉතින් හැමෝටම සුභ සංවත්සරයක් ..Happy Anniversary to all my SLEAS batch mates ..and Many more to Come ...
Subscribe to:
Posts (Atom)





