Wednesday, May 6, 2015

සුන්දර රාත්‍රිය ..


නිදි වරන්නාට රාත්‍රිය දිගුය යයි කියමනක් ඇත . බොහෝ දෙනෙක් උදෑසනට ප්‍රිය කලද මා එකල සිට රාත්‍රිය ප්‍රිය කලෙමි. එකල මා පාඩම් කලේද රාත්‍රී  කලයෙයය.මැලේසියාවේ සිටියදී  පාඩම් වැඩ අවසන් කොට කොපි කෝප්පයක්  සාදාගෙන අන්තරජාලය හරහා චිත්‍රපටි බැලු දෑස් වෙහෙස වූ කල 16 වන මහලින් පෙනෙන අධිවෙගී මාර්ගයේ වාහන නැ රබු  රාත්‍රින්ද තිබුණි . සමහර රාත්‍රීන් පසන් වන තුරු සිටියේ නොඉවසිල්ලෙනි. සමහර රැය එලි නොවන්නේ නම් වඩා හොඳයි සිතු අවස්ථාද විය.සමහර රයෙක නින්නද ගියේම නැත. සමහර රැයෙක නව බලාපොරොත්තු ඇති වූ අතර ඒවා බිද වැටීමද සිදුවිය .  සමහර රාත්‍රීන් ගතකලේ කූඩාරම් තුලය . ඒවා වැස්සට බිද වැටී තෙමෙන්නට සිදුවූ  රාත්‍රිය ඇත . නේවාසිකාගාර වල , පුහුණු මද්‍යස්ථාන , සර්කිට් වල, වාහන වලින් ගමන්  කරමින්  සිටියදීද මෙන්ම නොදාන්න රටවල හෝටල හෝ නේවාසිකාගාර වල, ගුවන් යානා ද රාත්‍රීන් ගෙවිනි . කඳුලින් ගෙවුණු රත්රින්ද. පසන් වනතුරු ඕපදූප කියමින්, හෝ ගී ගයමින් ගතකල් සොඳුරු රාත්‍රින්ද  මතක පොත තුල ඇත. අන් අයගේ දුක් අසමින්ද , දුකින් තවෙමින්ද, ප්‍රශං කල්පනා කරමින්ද ගෙවූ රත්රීන්ද අඩු නොවේ . රෝහලක පුටුවක් මත නිවසියෙකුට තනි රකිමින් නිදි වැරු  රාත්‍රීන් පිරිත් අසමින් හෝ මල ගෙදරක නිදි මරමනි ගෙවූ රාත්‍රීන් ට සපුරා වෙනස් ය . එක රජයකින් ජ්විතයේ තීරණ වෙනස වූ මාර්ග වෙනස් වූ තීරණාත්මක රාත්‍රීන් වෙති.
 රාත්‍රිය වෙහෙස වන්නාගේ විද නිවයි. ප්‍රශ්න එළිවෙන විට විසදා ලයි. මිතුරන් හතුරන් කරයි . හතුරන්  මිතුරන් කරයි. මිනිසුන් ගේ ජීවිත බිලිගනී . නව ජීවිත ලොවට දෙයි. ජීවිතයට මුහුණ දීමට නව දවසකට අඩිතාලම දමයි. එසේනම් රාත්‍රිය අදත් හෙටත් සමද සුන්දරය..

Wednesday, April 22, 2015

රාජකාරිය හා star points ..


රාජ කාරිය යනුවෙන් එකල කීවේ රජු වෙනුවෙන් කරන සේවවාය. පසුව මෙය රජයේ සේවාව වී පසුව ඕනෑම duty එකක් සඳහා පර්යාය පදයක් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ආයතන සංග්‍රහයේ කුමන නිර්වචන තිබුනද රජයට සම්බන්ද ආයතන වල සේවයේ නියුතු හා මහජන මුදලින් වැටුප් ලබන බොහෝ දෙන රජයේ සේවකයෝ ලෙස සමහරු සලකති . නමුත් ආයතන සංග්‍රහයට අධිකරණ නිලධාරීන් රාජ්‍ය සේවකයෝ නොවෙති .හමුදා ද මෙයට අයත් නැත . කොහොම වුනත් මේ සියලු සේවා ඉස්සර නම් බොහෝම බලගතු තනතුරුය . ඒ කාලයේ ගමේ ප්‍රධානියා ගමේ පාසලේ විදුහල්පතිය. ඉස්කෝලේ හාමිනේලා, දිසාපති හාමුදුරුවරු, නඩුකාර හාමුදුරුවරු හිට්යේ එකලය . දැන් එහෙම කියන්නේ නැත . එහෙම කිව්වේ නැතිවට කම් නැත . නමුත් බහුතරයක් කියන්නේ මේ සේවා පිරිහිලා කියාය. කෙසේ වෙතත් සිසුවෙක් විදුහල්පති වරයෙකුට පහර දුන්නා  කියා හෝ විනිසුරුවරයෙකු ගේ නිවසට ගල් ගැසුවා කියා හෝ දිසාපති වරයෙකුට තර්ජනය කලා කියා හෝ කියන්නේ එම සේවා වල පිරිහීම නොව ඒවා කල අයගේ පිරිහීම්ය .  සම පුරවැසියෙක්ම තම ජීවිත කාලයේ එක වරක් වත් රජයට අයත් ආයතන වලින් සේවා ලබා ඇත . කොයිතරම් බැන්නද කරන්නම් දෙයක් නැතිවූ යන්නේ රජයේ රෝහලටය . ගංවතුර සුලිසුලන් ආ විට විපටට පත් වුවන්ට ආධාර සියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සංවිධානය  වේ .රාජ්‍ය සේවා විශ්වාස  නැතිනම් රජයේ පාසල් වලට ඇතුළු වීමට මේ තරම් තරගයක් තිබෙන්නටද බැරිය. අධිකරනය ගැන විස්වාස නැත්නම් මිනිස්සු අත කන කර උගස් කර හෝ සාධාරනය පතා  නඩු යන්නේ නැත . ත්‍රිවිද හමුදාව හෝ පොලිසිය විස්වාස නැත්නම් යුද්දය ඇති කල ඔවුන්ට සෙත් පතා රට පුර බෝධි පූජා පවත්වන්නේ නැත . දීපව්‍යාප්ත හෝ අධිකරණ නිලද්රි තනතුරු සඳහා විභාග හෝ උසස්වීම මේ තරම් තරගකාරී වන්නේද නැත .
කලක් ලක් රජයට එරෙහිව වේනම් රටක් පත යුධ වැදුණු ප්‍රභාකරන් පවා සිය දරුවන් රජයේ ආයතනයක් වූ විභාග  දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ අ.පො. ස. ( සාමාන්‍ය පෙළ ) විභාගයට වාඩි කළේයැයි එකල පුවත්පතක  විය..
ඉතින් ඔබ තනතුරු නාමය උසස්  වුවත් ඔබේ පන්තියේ හෝ විශ්ව විද්‍යාලයේ සගයන් පෞද්ගලික අංශයේ ලබන වැටුප සාපේක්ෂව අඩු යැයි  කියා දුක් විය යුතු නැත . ඔබ මහජන මුදලින් වැටුප් ලබමින් අවංකව , සාධාරණව සේවය කරයි නම් මුදලින් ගන්න වැටුපට අමතරව ඔබට star points ලැබේ . දුරකතන හෝ credit card සඳහා මේ star points ලැබෙන්නේ ඔබ ඇමතුම් ගන්නා තරමට හෝ මුදල් වය කරන තරමටය. අපට star points  ලැබෙන්නේ මහජන් සේවය කොතරම් හොදින් ඉටු කරනවද යන්නටය . වෙනස ඇත්තේ මේ star points වල expiry date නැති වීමයි .මේවා ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක ඔබට අවශ්‍යම මොහොතේ auto  redeem විය හැක. මෙහි ප්‍රතිලාබ ඔබට මෙන්ම හෝ ඔබට නැත්තන් ඔබේ දෙමාපියන්ට , දරුවන්ට, පවුලේ අයට ලැබෙනු ඇත . බුද්ධාගමේ යට නම් කුසල් ලෙස පසු අත්මයටත් ශේෂය ඉදිරියට ගෙන් ය හැක . අනිත් අගම්වලටද ඒ ඒ ඉගැන්වීම් අනුව පල ලබාදෙනු ඇත .

Thursday, April 16, 2015

කටු ........




රෝස මල් ගැන කතා කරද්දී තහනම් වචනය නටුවේ ඇති කටුය . එත් බොහෝ ශාක කටු දරන්නේ ආරක්ෂාවටය . විශේෂයෙන්ම ශුෂ්ක කලාපයේ වැවෙන පතොක් වැනි ශාක මේ ගණයට වැටේ . නමුත් මේ කටු සහිත ශාක වල පිපෙන මල් ඉතා සුන්දරය .පැඟිරි කුලයේ ශාක වල කටු බහුලව ඇත . කටුවක් කකුලේ ඇනුණු විට එය ඉවත් කිරීමට තව කටුවක් වුවමනා වේ . සමහරු මේ කටු වලට ආය කටු කීවද දකුණු පළාතේ අපි නම් කියන්නේ " යතුරු කටු " කියාය .
කටු සහිත අනෝද කටු අනෝද වේ .කටු අල කියා අල වර්ගයක් ඇත . කටු සහිත වුවත් කොස් වහල්ල හරකුන්ගේ ප්‍රියතම ආහාරයකි. පොල් වල කටුව විවිද විසිතුරු දේ සැදීමට ගනී . එත් කටු පොල් වලින් එසේ කරන බව අසා  නැත .

කටු ගේ කියන්නේ කෞතුකගාරයටය.  එහිත් ඇට  කටු මිස වෙනත් කටු නම් නැත . කෙට්ටු වූ විට ශරීරයේ ඇට  කටු  ගනන් කිරීමට හැකි තරම් පැහැදිලිව පෙනේ .මාළු  කනවිට මාළු කටු ඉවත්කර ගත යුතුය . ඉකිරින්ගේ කටු ඇනුණු විට ඒවා ඉවත් කිරීම අපහසු බව කියයි.  වෙරළේ ඇත්තේ "සිප්පි කටු" හෝ "බෙලි කටු" ය . එහෙත් බෙලි කටු මල්ල හොලවනව කියන්නේ කටුක අසා  සිටීමට අපහසු කතා විලාසයට .කටුවට වහල්ල්ට  නැති අය ගෙන් නම් ප්‍රයෝජනයක් නැත . කටු කන බල්ලන් වඩා  සැර බවද කියති .ඉගෙනුම කටු අත්තකි .එහි පලය මල් ඉත්තකි කියා කීවද ඉගෙන කටු ඔටුනු ප්ලදීමට වූ අයද නැතිව නොවේ .

මල් ගැන මෙන්ම කටු ගැනද ගීත ලියවී ඇත . " කටු අකුලේ මල් ඇහැලේ ..", " නුබේ හද මඬල කටු යහනකි ප්‍රභාවතී ..", " කටු වලට දෙතොල් තිය මලක් නැති  ගසේ ..", " මේ විස කටු ගස මුල ඉපදී .." ඉන් සමහරකි . කටුනායක , කටු කැලේ , කටුගස්තොට , කටු නෙරිය ආදී ග්‍රාම නාම  කටු වලට සම්බන්දයක් ඇත්දැයි නොදනිමි . කටු රොද  ගම්මානය නම් පිහිටියේ කේයස් ගේ  " සුදු සුදු " කවි පොතේය .

පැරණි ශ්‍රී ලංකික ගල් වඩුවෝ ගල් කටුවෙන් කල අසමාන නිර්මාණ දකිද්දී " මේ තරම් සියුමැලිද  කළු ගල්" කියා සිතේ .අල්පෙන්ති කටු , ඉඳි කටු මගින්ද සියුම් මල් මෝස්තර කල් හැක . සමහරු "කට්ට " කන්නේ දියුණු වීමටය .එහෙත් කට වත් කටුව ගැසීම නම් යහපත් නොවේ . කෙසේ වෙතත් කටු මාවත් දිගේ ආ ය බොහෝ දෙනෙක් පසුව මල් මවත් කරා  අවතීර්ණ වුහ.

Sunday, April 12, 2015

නාගදීපය ..


ලංකාවේ උතුරු ප්‍රදේශයේ තිබෙන දූපත් සමුහයෙන් නාගදීපය ඉතා වැදගත් වෙන්නේ එහි පෞරාණික ඉතිහාසයත් , එහි ඇති ආගමික සිධස්තනත් නිසා . නයිනතිව් යනුවෙන් දෙමල බසින් හැදින්වෙන මෙහි ඉතිහාසය බුද්ධ කාලය දක්වා ඇදෙනවා. විජයාගමනයටත් පෙර ශ්‍රී ලංකාවේ යක්ෂ නාග ගෝත්‍රිකයන් හිටි බවට යම් පුරාවෘත්ත වල දැක්වෙනවා . නාගදීපය හා කැලණිය මෙවැනි නාග ගෝත්‍රිකයන් හිටි ස්ථාන ලෙසයි දැක්වෙන්නේ.  බුදු රජාණන් වහන්සේ දෙවැනි වර ලංකාවට අවේ මැණික් පුටුවක් අරබයා චූලෝදර හා මහෝදර නම් නා  රජවරු අතර ( මේ දෙන්න මාමා බෑනලු) ගැටුම සතයකට පත් කරන්නයි . ඒ බක් පොහොය දිනක.බුදු බණ අස ගැටුම සමතයක පත් කරගත් මේ නා  රජවරු ඒ බුදුන්ට පිදු ඒ මිණි  පුටුව නිදන් කොට නාග දීප  දාගැබ සැදු බව සදහන් .  කොහොම වුනත් මෙහි ඇති කෝවිලත් හැදීන්  වෙන්නේ නාග පූසනි කෝවිල නමින් ... අදටත්  නාගදීපයට  මුහුදෙන් යායුත්යි. ඒ මගී ප්‍රවාහන හෝ නවීක හමුදාවට අයත් බෝට්ටු මගින්...යුද්දය කාලෙදිත් නගදීපයේ  ස්වාමීන් වහන්සේලා වැඩ හිටි බවත් නාගදීපයේ සිට හින්දු බැතිමතුන් වගේම නාවික හමුදාව දනය සැපයු බවත් සඳහන් ..


කොහො ම වුනත්  ජාතක කතා වල වන්සැහැ කතාවල පටන් නාගයන් ගැන සඳහන් ,,විදුර ජාතකයේ විදුර පණ්ඩිතයන් ගෙන බන ඇසීමේ ආසාව නා   ලොව  රජුගේ බිසවට ඇති වූ බවත් , දුටු ගැමුණු රජුගේ මරණයට හේතුව නාග කන්‍යාවක් බවත් සදහන් ..හින්දි හා දෙමල චිත්‍රපට වල නම්  න ලොව හා නාග කන්‍යාවියන් ගැන සඳහන්...නාග චම්පා කියල පැරණි චිත්‍රපටයක් ( මෙය සිංහල හඩ කව හෝ සිංහල නිපැයුමක් ලෙසත් ප්රදශ්නය වුනාලු.) හා නගිනා  කියල අලුත් හින්දි චිත්‍රපටය කුත් ගියා  .බුලත් ලැබුනෙත් නාග ලොවින්ලු ..එත් දැන් නම් අපේ අලුත් අවුරුද්ද වගේ දේශීය උත්සව වලට වගේම සාම්ප්‍රදායක  පිළිගැනීම්  සඳහාත් බුලත් නම් නැතිවම බැහැ .නයි නම් ඔය දැනුත් ඕන තරම් ඉන්නේ.. නයි ඇරීම අහල පුරුදු අය  නම් මට කියාවි  ..

Wednesday, April 1, 2015

යාපනයේදී ..




අපේ 5 පන්තියේ සිංහල පොතේ "යාපනයේදී" කියල පාඩමක් තිබුණා . එකේ තිබුනේ දකුණේ ළමයෙක් එයාගේ යාපනයේ යාලුවෙක්ගෙ ගෙදර ( යාපනයේ ඇති) ගිය කතාවක්.. ඒ කලේ නම් ඒ විදියට යාපනයේ යන්න හිතන්නත් බෑ ..ඒ ගිය විදියට යන්න යාල්දේවි වැඩ කලෙත් කොහෙද ..පස්සේ කලෙක office  වැඩකට යාපනයේ ගියත් ලඟදි පවුලේ අයත් එක්ක යාපනයේ ගියාම ඒ මතකය අලුත් වුන. ඒ පාඩමේ තියෙනවා ආඩි ලිඳෙන් වතුර අදාල මිරිස් පාත්ති වලට දානවා . ආඩි ලිඳ දැක්කේ නැතත්  ඒ කලේ වගේම් කම්මැලි නැති යාපනේ වැසියන් වවපු දුම්කොළ, මිරිස් , මිදී පාත්ති  විතරක් නෙවෙයි කැරට්  , බීට් පාත්ති  පවා දැක්කා . යාපනේ හින්දු ආගමික  වගේම බෞද්ධ සිදස්තනත් දැක්ක.  නල්ලුර් කෝවිල, නග්ලෙස්වාර්න් කෝවිල හා කීරමලේ පොකුණ , පතුල නොපෙනන ලිඳ  වගෙම සංගමිත්ත තෙරණිය ශ්‍රී මහා බෝධි අංකුරය රැගෙන පැමිණි දඹකොළ පටුන , මෙනම් දැක්කේ නැතත් කදුරුගොඩ වැනි ලංකාවේ පරමිම විහාර යාපනයේ තියෙනවා .  නෛනතිව්  ලෙස දෙමල බසින්  හදුන්වන නාගදීපයේ බුදුන් වැඩි බව කියන නාගදීප වෙහෙර භූමියත් නගපූසානි කෝවිලත් භේදයක් නැතිව පෙන පෙන දුරින් තියෙනවා. යාපනයේ ජන ජීවිතය සරලයි. ගොඩක් ගැහැණු , පිරිමි  යන්නේ පාපැදි වල.. ලොකු අලුත් ගෙවල් හදනවා වෙනුවට තමන්ගේ පරණ ගෙවල් ඒ විදියටම පවත්වා ගන්නත් ඔවුන් කටුතු කරනවා ..ඉගෙනීමට නම් මුල්තැන දෙනවා...මේ සාමය , සහජීවනය හා හිනා පූනු හැමදාම  තියෙන්නත් , දකුණු වැසියන් සතුටින් පිළිගන්න සතුන් යපෙනේ නගම යන්න හැකිවීම භාගයක් . ..

Tuesday, March 24, 2015

සිංහපුරයේ සිංහයා ..



සිංගප්පුරුව ට සිංහ පුර කියාද කියයි.. එහි සන්කෙත්යද Merlion ලෙස හදුන්වන සිංහ හිසක් හා මත්ස්‍ය ඇඟක් ඇති මනංකල්පිත සත්වයය.  ලී ක්වාන් යු - සිංගප්පුරුවේ ප්‍රථම ජනධිපතිගේ අභාවය සිදුවුයේ මෑතකදීය .එයට පෙරද එතුමා මිය ගිය බවට කතාවක් පැතිරිණි. එහෙත් සිංගප්පුරුව අද තිබෙන තැනට ගෙනාවේ මෙතුමාගේ දේශපාලන නායකත්වය නිසායයි කියයි. ලී ක්වාන් යු ලංකාවට එද්දී අපේ රටේ බදු තට්ටු ගොඩනැගිලි එරට තිබුනේ නැත. සිංගප්පුරුවේ ගොඩනැගිලි හදන්නට ලංකාවේ ගොඩනැගිලි වලින් අභාෂය ගත්තලු.මේ කතා ඇත්තද බොරුද දන්නේ නැතත් ලංකාවට සිංගප්පුරුව විශේෂ සැලකිලි දක්වයි . අපේ passport එකෙන් විසා නැතිව යන්නට හැකි රටවල් අතලොස්සෙන් සිංගප්පුරුව ඉදිරියෙන්ම සිටි . සිංගප්පුරු ගුවන් තොට හරහා කිහිප වරක් transist කර ඇති අතර රට ගියේ නම් මැලේසියාවේ සිට ගොඩබිම හරහාය . දියුණුව අතින් ඉදිරියෙන් සිටින එහි විනිමය ඒකකය අපේ ඇරේ මුදලින් රු .100ක් පමණ විය .  රටේ ප්‍රවාහන පදතිය අතිශයෙන් දියුණුය . ගුවන් තොටුපොල වැනි ස්ථාන වලට ලගා  වීමට ගතවන කාලය මාරගයේ තිර වල දිස්වෙයි . එක්  pass එකක් මිලදී ගත විට බසයේ හෝ දුම්රියේ ගමන් කල හැක . එහි code read කිරීම මගියා විසින්ම සිදු කර ගත යුතුය. පස්සට යන්නට කියන්නට, දෙපැත්තට වී මැදින් ඉඩ දෙන්න හෝ ෆූට්බෝර්ඩ්  එකෙන් ඇතුලට යන්න කියන්න කොන්දොස්තවරු නැත . අබ්ධිත මගීටද බසයට පොදු ප්‍රවාහන සේවා වල යාමට පහසුය. උදවු අවශ්‍ය අයෙක් වෙතොත් රියදුරු බසය නවත්ත්ව බැසීමට හෝ නැගීමට උපකාර කරයි. දුම්රියෙදී ඊලඟ නැවතුම එරට බවිත වන භාෂා වන මැලේ , දෙමල , චීන හා ඉංග්‍රීසි බසින් නිවේදනය කරයි.
නගරයේ තැන තැන කුණු  නැත , චුවින්ගම් හපා  තැන තැන ඇලවීම තහනම්ය . ලංකාවේ තැන , තැන කුණු දමන්නොද සින්ගප්පුරුවෙ දී මේ නීති නිකන්ම අනුගමනය කරයි .  සෙන්තොස වැනි විනෝද නගර මෙන්ම විසිතුරු  ගොඩනැගිලි, සත්වෝද්‍යාන , branded ඇදුම් , පාවහන් ඇති සාප්පු බොහෝය. අපේ අතේ ඇති මුදලට නම් මුස්තාපා එක වැනි තොග කඩයකින් සැනසෙන්නට සිදුවේ . කෙසේ වෙතත් අපේ රට දිහා බල හෝ නොබලා   සිංගප්පුරුව  අද දියුණුවේ හිනිපෙත්තට නැගී තිබේ . එම දියුණුවේ පියා  තම ආරම්භ කල ගමනේ සාර්ථකත්වය දැක  සාමකාමීව රටක් හඬවා  මිය ගියේය. අපි තවම සිංගප්පුරුව ක් වන්නට සිහින දකිමු ...

Saturday, March 7, 2015

පත්තරේ විස්තරේ..................




මං පත්තර කියවන්න පටන් ගත්තේ කවදද දන්නේ නැතත් මුල් කාලයේ රන්කැටි කියා පුවත්පතක්ද පසුව සතිපත විජය පත්තරයද ගත් බව මතකය. මිහිරද සමහර විට මිලදී ගනු ලැබීය . සිළුමිණ පත්තරේ නම් මා කියවුයේ 3 පන්තියේ සිටය . අද මෙන් නානාප්‍රකාර ඉරිදා පත්තර සුලභ නොවූ එකල අපේ ගෙදර සෙනසුරාදට ඉරිදා පුවත්පත් වූ සිළුමිණ, ලංකාදීප පුවත්පත් මිලද්දේ ගත අතර ඒවා ඉරිදා හවසට උද ගෙදර සමග මාරු කරගෙන ඔවුන් මිලදී ගත් රිවිරැස හා දිවයින කියවීමු . පසුව අපි ගන්නා පුවත්පත රිවිර, ලක්බිම , මවුබිම, සිළුමිණ , ලංකාදීප ආදී ලෙස වරින් වර වෙනස් විය .මේ වනවිට ටැබ්ලොයිඩ් අතිරේක පැමින්නේටද පටන් ගත නිසා එක එක පුවත්පතේ අතිරේකයට කියන නම වෙන්කර හදුනා ගැනීමටද අපහසු විය .
කාලයක් ලක්මිණ , යුක්තිය , හිරු ආදී විකල්ප පත්තරද ජනප්‍රිය විය . රාවය අවේද විකල්ප පත්තරයක් ලෙස බව මතකයක් තිබේ. 10 ශ්‍රේණියේදී ඉංග්‍රීසි පුවත්පත් කියවන්නට පාසලේදී කියූ නිසා " Sunday Times " එක ගෙන්වා ගතිමු . එත් අපි නම් කියවුයේ "Mirror " අතිරේකය පමණි . A /L කාලයේදී නම් එම අතිරේකයේ " Hello Out There " නොවරදව කියවුයේ අපේ පනත්වල අයගේද රහස් පණිවිඩ එහි සමහර විට සටහන් වූ බැවිනි
.
සරසවිය , සරසි, තිරතරු වැනි සිනමා පත්තර. සිරිකත , තරුණි කාන්තා පත්තර නම් මා කියවුයේ අපේ ගෙදර වැඩට සිටි රානි ගෙනි . මල් පත්තර ලෙස හදුන්වන කුමාරි , යුවති වැනි පත්තර ම මුලින්ම කියවද්දී වයස 10ක් වත් වන්නට නැත . ඒ ද කොහෙන් හෝ රානි ගෙන ආ ඒවාය . තේරුනත් නොතේරුණත් මම ඒ කතා කියවීමි . අපේ පුංචි අම්මගේ නිවසට ගිය විට එහි ඇති චිත්‍ර කතා පත්තර කියවීමෙන් නොනැවතී පුංචි අපේ ගෙදර අ විට එම කතා වල ඉතිරි කොටස් මුලින්ම අහන්නට උනන්දු වීමි .කෙසේ වෙතත් 6-7 පන්තියට එනවිට මගේ රටේ තොටේ තොරතුරු පිලිබඳ සාමාන්‍ය දැනීම මෙන්ම ප්‍රසිද්ධ රහස් , ඕපදූප දන ගැනීමටද මේ සීනි පමණක් නොව දුගද නොසලකා කරවල ඔතා ගෙන එන පත්තරය වුව කියවීමේ පුරුද්ද හේතු විය .
කියවීම පමණක් නොව අපි පත්තර එකතු කළෙමු. වැඩියෙන්ම එකතු කලේ ක්‍රිකට් ක්‍රීඩකයන් පිලිබඳ තොරතුරුය . ඩෙන්සිල් කොබ්බැකඩුව මැතිතුමා ඇතුළු රණවිරුවන්ගේ අභාවය වෙනුවෙන් නිකුත් කල පත්තර අතිරේකයක්ද මතක් වෙනතුරු මා සතුව තිබුණි .පුවත්පත් වල දූවිලි රැදීමෙන් අපි ලෙඩවෙ යයි සිතු අම්මලා අපිට වැඩිපුර පත්තර ගොඩ ගහ ගන්න දුන්නේ නැත . එත් අපේ එඅතු කල පත්ටර වල සුරක්ෂිතාගාරය වුයේ අපේ පරණ මේසයේ ලාච්චුවේය . එහි ලාච්චු 3 වෙන්වූයේ රානිටත්, මටත් , ලොකු නන්ගිටත්ය.
තිත්තපත්තර කියා ගමක් ඇති බව දැනගත්තේ කොළඹට ආ පසුවය. දිනපතා තැපෑලත් සමග කාර්යාලයට ආ කාටදෝ ලිවූ කැලැ පත්තරයක් දකින තෙක් ඒවා ගැන අස මිස දැක නොතිබුනෙමි . දැන් නම් ඒවාද අරුමයක් නොවේ .
දැන් නම් පත්තර කියවන්නේ පුරුද්දට වගෙය . ඊළඟ ඉරිදා එනතෙක් පත්තර සිටීමක් නැත . මෑතකදී නම් එසේ බලා සිටයේ මැලේසියාවේ සිටි වසරක කාලයේදී අන්තර්ජාලයෙන් ලංකවේ පත්තර බැලීමටය . අපි කුඩා කල නම් ඉ පත්තර පමණක් නොව රූපවාහිනී හා ගුණ විදුලි සේවා වල උදැසන පත්තර විස්තර කියවන වැඩසටහන්ද තිබුනේ නැත .එහි අපේ විශ්ව විද්‍යාලයේ දොඅර්ටුව අභියස දී නොමිලේ පුවත් පතාක් දුනි . එය " Star ' හෝ " Sun " වැනි නම්ක ගත එකකි . එත් අපි එය කියවුයේ එහි H 1N 1 පැතිරුණු කාලයේ ලෙඩේ පතිරීමේ දරුණුකම් දන ගැනීමට පමණි . කෙසේ වෙතත් අන්තර්ජාලය නැතිවවැඩුණුඅපේ පරම්පරාවේ google , wikipedia , wiki leaks මතු නොව gossip ලංකා වුයේද පත්තරමය .