Tuesday, September 24, 2019

මකරනන්දයෙන් ප්‍රඥාවට ...


විරාජිනී තෙන්නකෝන් ගේ "මකරානන්දය කියවීමි. නන්හාමි ආතා ප්‍රමුඛ  රන්මැණිකා , සෝමේ ,  පොඩි හාමුදුරුවෝ , ලොකු හාමුදුරුවෝ, උක්කුවා , මද්දුවා , චූටියා ,කිරියා , ගුරුන්නාන්සේ ඇතුළු මසුන් මැරීමෙන්  දිවි ගෙවුවද මාළුදැල හිස මත තබා නොගත් වැව් ගම් වැසියන් සමග ඒකාත්මික වීමි. බෞද්ධ නන්හාමි ඈත ඇතුළු වැව ගම් වාසීන් ගේ සහයෙන් දෙමල ඩී ආර් ඕ  මහතාට ගෙන් ලද නැවුම් වෙට්ටියෙන්  තිරිවානා  ගල් හලා , මුස්ලිම් වෙළෙන්දෙකුගේ සහයෙන් කොත් කැරැල්ල නිමවා සකසන තඹර ස්ථුපය  "සංහිඳියාව " වැනි වචනයක් භාවිතයේ නොවූ යුගයේ අප සමාජයේ තිබු සැබෑ සහජීවනය පෙන්වාලයි. වැවේ ගමින් මාළු  මිලදී ගන්නා බලවතුන් දිලින්දන්ගේ ආගමික නිදහස වෙතද දෑත් දිගු කිරීමත් එදා සිට අද දක්වා නොවෙනස් ශ්‍රම, ලිංගික සූරා කෑමට ලක්වන ගැහැ නුන් ගේ  ඉරණමද ඔවුන්ගේ විටෙක හැඟුම් නිසා අසරන වන  සිතද විටෙක ජීවිතය දිනන  අප්‍රතිහත ධෙර්යය ද කෘතිය පුරා සොදුරු සිත්තමක් මවයි. කෘතිය පුරා භාවිතා  වන සංකේත බෙහෙවි.  වැව,වැව් සොරොව්ව, මකර සිත්තම, රාජාලියා බඳු සංකේත පමණක්  නොව  පද්ම ශ්‍රී ,  සෝමේ,  වර්ණසිංහ , අකලංක වැන්නවුන් සමාජය පුර සුලභව දක්නට ලැබේ. පද්ම ශ්‍රී සිය ජෝතිෂ්‍ය කටයුතු සදහා සිදු කරන උපක්‍රමද , නූතන ජනප්‍රිය මාධ්‍ය භාවිතයේ අඳුරු පැති කඩද මොනවට නිරූපණය වේ .
පෙරහරේ ඉදිරියෙන් යන ගිනි බෝල කරුවෙකු වැළඳ ගෙන ගින්නේ දැවෙන බවත් , පෙරහරේ ලස්සන නුදුටු බවත්  සුගුනිට තම ආලය , ජීවිතය විවරණය කරමි විස්තර කරන රන් මැණිකා ඒ  මතු  නොව වර්තමනයේ යුවතියන්ටද වටිනා ඔවදනක් දෙයි.දේශපාලන හා මාධ්‍ය මගින් ප්‍රතිරූප සැදීමත් , ප්‍රතිරූප බිඳ දැමීමත් යන දෙකම සිදු කිරීමද ,උපන් දිනය වත් නොදන්නා පුද්ගලයෙකුගේ  හඳහන හා නම මෙන්ම නිර්මාපිත අතීතයද එදා මේද අපි දැක අසා පුරුදු චරිත මෙන්ම වර්තමානයේ අත්දකින මුලාවද ; පිට රට සම්භවයක් ඇති පුද්ගලයන් ලංකාව කෙරේ දක්වන අසීමිත ලැදියවද වර්තමනයේ ජීවත් වන අප දෙසම හාස්‍ය ජනක ලෙස බැලීමට යොමු කරයි. කෙසේ වෙතත් අට ලෝ දහමේ  නොගැලෙන තම තම නැණ පමණටවැටහෙන  බණ දේශනා කරන තඹර වෙහෙර ලොකු හමුදුරුවන්ද , දේහ ලක්ෂණ ඇසුරින් හරියටම් ශාස්ත්‍ර කියන  ගුරුන්නන්සේද තවමත් පිරිහී නැති භික්ෂුන්ද , ජනප්‍රිය මුදල් උපයන මාර්ගයක් නොවූ  ජෝතිෂ්‍යය  ද කතුවරිය අතින් විමසුමට ලක් වෙයි. රතු දෙපා වලට ලොබ බැඳී සෝමේ අවසන සත්‍ය වැටහා ගෙන් පොල් ගේ අවසග දෙපා ළඟ නැවතුනමුත් සිය මිණිබිරියට " නෙලුම්මලා " යයි නම් තැබීමෙන් තුරුණු වියේ කුළුදුලේ බැඳී පෙමක නොමැකෙන අතීත මතකය සනිටුහන් කරියි. අවසානයේ කිව යුත්තේ කතුවරිය "මකරානන්දය" තුලින් පාඨකයන් ප්‍රඥාව කරා ගෙන යන බවයි .

Tuesday, February 26, 2019

දානේ ගෙදර ..






අපි නම් දාන දෙද්දී කරන්නේ මෙහෙමයි ...ඔයාට කැමති විදියට කරන්න...කරුණා අක්ක හැම දේටම ඇඟිලි ගහ ගහ කියනවා. හැම ව්‍යංජනයටම හැන්දක් ඕනේ.. ගෙදර තියෙන්නේ හැඳි මෙච්චරයි ..නවීන්ට  කියන්න ..චේතනා  කියනවා බැරිම තැන ..ප්‍රශ්න ඇති කරගන්න එපා ..කරුණා අක්කගේ හිත රිදවන්න එපා .නවීන් කියනවා ..එතකොට මගේ හිත ..මං  තනියම අහනවා...හාමුදුරුවෝ වලදල ඉවර වුණ ගමන්ම කැවිලි , පලතුරුත් රහත් වෙලා ..චේතනා අහක බලා ගන්නවා.... කිරි හට්ටිය ඉවරයි ..අලුතින් එන අයට කන්න කිරි නෑ ..චේතනා ඇතුලින් අලුත් කිරි හට්ටියක් අරගෙන එනවා ..මොකටද නංගි  අර හට්ටියේ තව තියෙනවනේ ...ප්‍රියන්තා අක්කා කියනවා...මැරුණේ නවීන්ගේ වගේම එයාගෙත් අම්මා ..මේ දේවල් මිනිස්සු ගෙදරට අරන් අවේ අම්මා වෙනුවෙන් ...චේතනා ඇහුනේ නැති පාඩුවේ අලුත් කිරි හට්ටිය තියනවා ..ප්‍රියන්තා අක්කාගේ මූණ කොරහක් වගේ... ඔදවූ කරපු මිනිස්සුන්ට මොනව හරි දෙන්න නංගි ..නැත්නම් අපේ අක්කා ඔක්කොම පොඩි ගහගනියි කුමුදිනි අක්කා කියනවා..මොකටද තමුසෙට ඒ පණ්ඩිතකම ..අයි ප්‍රියන්තා අක්කගේ හිත රිද්දුවේ ..දවස් කීයක් ඒ ගැනි මෙතන වැටිලා සුමේ කරාද ..ඕක කරන්න තිබුනේ එයාගෙන් අහලා නේ.. නැත්නන් හිතයි මම දානෙට වියදම් කරන නිසා ඔය මෙහෙ ලොක්ක වෙලා කියල  අපහු ඇඟට එනවා...ඊයේ හවස මම ආව ගමන්ම අපි තේ බොමු නැගී කිව්වා තමයි ..හැබයි හැමෝටම තේ හැදුවේ මම.දානේ කේටරින්..අනිත් කීම හැදුවේ අහල පහල අය ..උදේ තේ බීපු කෝප්පත් හේදුවේ මම ...චේතනා හිතේ වේදනාවත් තරහත් එක්ක එන කඳුළු පාලනය කර ගන්නවා... එතකොට මගේ මහත්තයාගේ ගෙදර කිසිම තීරණයක් ගන්න මට බැරිද? මම කියන කියන දේට ඔලුව නවා ගෙන වැඩ කරන්න ඕන රූකඩයක්ද ..හිත රිදෙන්නේ ඒ ගොල්ලන්ගේ විතරද ..චේතනා තොල් වික ගෙන ඇඩුම් පාලනය කරගෙන හිතනවා...

Thursday, January 31, 2019

දෙතොල නොකී කව .......




කාලයේ වැලි අතර සැඟවුණු
සැන්දෑවන් තව බොහෝ තිබුණා
එහෙම සවසක දෙතොලේ පැහැයට
නා දළුත් විලි වැද ව සැලුණා

එකම වහලක සෙවණ ලදදා
නුහුරු හැඟුමන් කිරුළු පළදා
ළමැද තුනුවිල කැලතී  රසයක
මිහිරි රීදුමක මතක තිබුණා

දින සතිද බෝ  ගතවී සපිරී
පෑල දොර පෙම් කවිය දැවුණා
පිපිරී දෙතොලක ලවණ තැවරූ
රුහිරු කොපුලත රැදී මිදුණා

සිල් ගැනීම හා සිල් රැකීම













සිල් ගැනීමට හැමෝම උන්නදුය. සමහරු 4 පෝයටම සිල් ගනිති. බෝ දෙනෙකුට සිල් ගැනීමට ඇති උනන්දුව සිල් රැකීමට නැත. සිල් ගත වෙලේ පටන් CCTV කැමරාවකටත් වඩා සමහරු ශූක්ෂ්මය . සිල් ගෙන ඇති දරුවන් දග කරන්නේද , සිල් ගත් තරුණියන් කතා කරත්ද තරුණ තරුණියන් එක ළඟ සිටින්නේද යන මෙකී , නොකී සියල්ල කැමරාවේ සටහන් වේ. කටින් කටටද සමහරවිට උක්ත තරුණ තරුණියන්ගේ දෙමාපියන්ටද , පන්සලේ හමුදුරුවන්ටද  පෝය දින සිතේ සැහැල්ලුව නැතිවී යයි.

තවත් කොටසක් මාසයකම පලා මල්ල පෝ  දාට දිග හරී. ඇමෙරිකාවේ සිටින පුතාගේත්, ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නා මුනුබුරගේත් වර්නනාවය. නැතහොත් ගෙදර ඉන්න ලේලියගේ දොස්ය . අල්ලපු ගෙදර සිටින දීග නොගිය තරුණිය හෝ විවාහ වී වසර 2ක් ගියද දරුවෙක් නොලැබූ යුවලක් ගැනය. මා දන්නා හැටියට සිල් ගැනීමේදී කය වචන සිත සංවර කර ගත යුතුය. කය කෙසේ වෙතන් සිත නම් රට වටේ ලොව වටේ ඇවිදී. මේ කියමන් අසා උරණ නොවිය යුතුය. හැමෝම මෙසේ නැත. සිල් ගන්න වාර ගණන උනන්දුවෙන් කියන්නා සේම සිල් රකින වරා ගණන ගැනද ස්වයෝ විව්ච්නයක් කිරීම  වටී

Sunday, January 20, 2019

රගපෑම් ඉවරයි



"ජීවිතය රගමඩලකි . අපි එහි නළුවෝ වෙමු " යයි ශේෂ්පියර් විසින් පවසන ලදි කියවේ. මේ කතාව වෘත්තීය නළු නිලියන් නොවූ ජීවිත රඟ මඩලේ රංගනයෙන් දක්ෂකම් පාන නළු නිලියන් ගැනය. මේ අය ගේ අර්න්ගනය කොතරම් තාත්විකද යත් ඔවුන් යොදා චිත්‍රපටයක්හැදුවා  නම් ශ්‍රීලංකාවට ඔස්කාර් සම්මානයක් දිනා  ගන්නටද තිබුණි. අවිවාදයෙන්ම  ජීවිත රන්ගමඩලේ නිලියන් නළුවන්ට වඩා දක්ෂය. මේ රගපෑම් සමහර විට භාවාතිශය. සමහර විට භයන්කාරය .තතු දන්න්නන්ට විහිලු සහගතය. විනොදජනකය. බලය හා මුදල් ඇති විට මේ රංගනය "තෙසාබ්" හි මධුරි ඩික්සිත් ගේ රංගනයට වැඩ වේගවත්ය.මවගේ පියාගේ චරිතයට වුව ආවේශ වන්නට   යන්නේ තත්පර ගන්නකි. නැති විට "බන්ටි ඔර් බබ්ලි" හි ඓශ්වර්යා රායි ගේ මෙන් ආරාධිතය . එක වරක් පමණක් නැටුමක් නටා යන අතර පසුව වුන දෙයක් නැත. මේ රගපෑම් එය පෙන්වන පුද්ගලයාගෙන් පුද්ගලයාටද වෙනස්ය. එකම පවුලේ බිරිඳට හා සැමියාට වෙනස් රංගන්යන්ය . බිරිඳ ඉදිරියේ " බේටා " හි අරුණා අයිරානි ගේ රගපැම්ය . සැමියාට " ලාඩ්ලා " හි ෆරීඩා ජලාල් ගේ රගපැම්ය. සමහර විට තමාගේ දරුවාටත් විශේෂයක් නොකරන බව පෙන්වයි. " Mother India " හි නර්ගීස් වගේය .එවිට මට "කභි කුෂි කබි ගම් " හි  කාජල් ගේ චරිතය හෝ " කහානි " හි විද්‍යා බාලන් රගන චරිතය රග පෑමට සිතේ. ( මේ චරිත වල ස්වභාවය දන්නේ නැත්නම් You  tube බලන්න )

Wednesday, January 9, 2019

වැඩට යන නෝනලා සහ ගෙදර ඉන්න නෝනලා...


සමහර නෝනලා වැඩට යන අතර සමහර නෝනලා ගෙදර සිටිති . වැඩට ගියත් ගෙදර සිටියත් නෝනලා වීම නිසාම වගකීම් රැසකි. ගෙදර සිටින නෝනලා ගේ තත්වය වඩා ශෝචනීයය . කවුරුත් කියන්නේ නෝනා නිකන් ගෙදර ඉන්නා බවකි. දරුවන්ට අනුව අම්මලා ගෙදර බත් උයති. එනමුත් වැටුප් , දීමනා හෝ නිවාඩු නොලබා ඔවුහු 365 දිනම සේවය කරති. ගෙදර දොරේ සියලු වැඩපල කර දරුවන්ගේ සැමියාගේ කටයුතුද සමහර විට කිසිදු ඇගයීමක් නොලබාම කරති.
වැඩට යන නෝනලට කාලය සමග ඇත්තේ තරගයකි . උදේ සිට වැඩ කර ළමුන් පාසල් යවා , ස්වාමි පුරුෂයන් වැඩට යවා බස් වල කෝච්චි වල තෙරපී වැඩට දුවති .පරක්කු වුන විට රැකියා ස්ථානයේ රැවුම් ගෙරවුම්ය. ගෙදර වගකීමක් අතපසු වූ විට කළ හොඳ ඔක්කොම ඉවරය.
පසුගිය දිනක වැඩට යන නෝනා කෙනෙක් ඇති වැඩට යන ස්වාමිපුරුශය්කුගේ උදානයක් මුහුණු පොතේ දුටිමි. මගේ නෝනා උදේ 4 ට නැගිටලා සියලු ගෙදර වැඩ දරුවන්ගේ වැඩ කරල් වැඩට යනවා . ආපහු අපි දෙන්න වැඩ ඇරී එන්නේ එකටයි. මන් මහන්සි නිසා එහෙමම ඉන්නවා .නෝනා ඒ ඇඳුමින්ම කුස්සියට  ගිහින් තේ හදලා මගේ සපත්තු මේස් ගලවලා , රෑට කෑම  උයල , මගේ හා ළමයින්ගේ රෙදි හෝඳල තමයි එයා ඇඟ සෝදන්න යන්නේ. ඒ නෝනගේ කැප වීම අගයන අතරම ඒ මහත්තයා ඕව ප්‍රසිද්ධ කර "ඔයා හරි වාසනාවන්තයි. හොඳ නෝනා කෙනෙක් ඉන්නේ " වැනි comments සඳහා පිළිතුරු සපයන කාලයෙන් නෝනාට පොල් ටිකක් ගා , ළූණු ගෙඩියක් සුද්ද කර දුන්නා නම් ඔයිට වඩා වටිනා බව වැඩට යන නෝනා කෙනෙක් ලෙස මගේ අදහසයි.
සේවා ස්ථානය අසන්න වීම, එහි මිත්‍රශීලී වටපිටාව නිසා සහ ගෙදර වැඩට මහත්තයගෙන් ලැබෙන උදවු නිසා මෙය මගේ ප්‍රශ්නයක් නොවේ. කෙසේ වෙතත් වැඩිහිටි ස්වාදීන  පිරිමියෙකු ලෙස ක්‍රියා කරනු විනා අංග විකල හැසිරීමක් නොදැක් වන ස්වාමි පුරුෂයකු හා විවාහ වී ඇති බැවින් කවා , පොවා , අන්දා , සරසා මහත්තයා ගෙදරින් එලියට යැවීමට මට කවදාවත් සිදුවී නැත . කොහොම වුනත් දෙන්නා දෙමහල්ලන්ගේ එකඟත්වය මත ඕනම විදියකට ගෙදර වැඩ කර ගත හැකි නිසා මේ විවේචනයක් නොවේ. 

Wednesday, January 2, 2019

සුදු සහ කළු

සමාජ සම්මතයට අනුව මට කළු සමක් ඇත. මගේ නැගිලා දෙදෙනාම සුදු වුවද මට එය ප්‍රශ්නයක් නොවුනේ මගේ දෙමාපියන් අපිට සමව සැලකීම නිසා වන්නට ඇත. මේ පිළිබඳව මට ඇති මුල්ම මතක මා 7 වසරේදී වූ සිදුවෙමකි. පාසල් සඟරාවක කවරයක් සඳහා ශිෂ්‍යාවන් තෝරන්න පැමිණි අක්කලාගේ තේරීම වූයේ සුදු ළමයින්ය.  අම්මලා  විවාහ යෝජනා ගෙනෙන සමයේ අනික් පසින් අසන අනිවාර්ය පැනය "සුදුද?" යන්නයි. සති අන්තයේ ගෙදර ආ විට කන්කරච්චලයක් වන මේ යෝජනා වලින් ගැලවීමට මම මෙය එකල අයුදයක්ද කර ගතිමි. සුදු කෙනෙක්නෙ හොයන්නේ ..මන් හරියන්නේ නෑ ...කියමින් excuse එකක් ගෙන විවාහ යෝජනා සැහෙන ගණනකින් ලිස්සා යාමට එකල මට හැකිවිය. මගේ විවාහය මම ම සොයා ගත් කෙනෙක් සමග වූ නිසා  ත්  සමාජ සම්මතයට අනුව සුදු සමක් ඇති ඔහුටත් මටත් මේ වර්ණබේදවාදය අවුලක් නොවිණි. නමුත් අපේ සමේ පැහැයන්ගේ  වෙනස ප්‍රශ්නයක් කරගත් අය ඇත්තෝ දුලබ නොවිණි. මගේ රැකියාවට , විවාහයට , ඉගෙනීමට හෝ සමාජ සම්බන්ධතා වලට සමේ පැහය ප්‍රශ්නයක්  නොවුනද අද ඇත්තේ  සුදු යනු පැහැපත් යන්නට පර්යාය පදයක් වී ඇත.  එමෙනම් ලසන්න නම් ඒ සුදු විය යුතු බවටත් මතයක් ගොදනෙමින් ඇත. රස්සාවට , නැන්දම්මා හමුවීමට මෙන්ම ජීවිතයේ සියලු ප්‍රශ්න විසදන්න fairness creme වලට හැකිය. Injection ගස ගෙන හෝ අස්වබාවික සුදක් ලබා ගන්නට උත්සහ ගන්නන් බෙහෙවි. සමහර වෘත්තීන්ට පෙනුම වැදගත් බැව සැබෑවකි. නමුත් අන්තර්ජාතිකව නම් කළු සමක් ඇති models ලටද ඉල්ලුමක් ඇත. දවස පුර සමේ පැහය ගැන කරදර වන ගැණු දරුවන්ට කියන්නට ඇත්තේ සමේ පැහය කුමක් වේවා ඉන් අහියෝග ජය ගැනීමට ඇති දායකත්වය නොගිනිය හැකි තරම් කුඩා බවය.