නැටුම් පිළිබඳව මගේ සියලුම අත්දැකීම් ශෝචනීයය. 4 වසරේදී කුඩා මිතුරි කණ්ඩායමේ කලගෙඩි නැටුමට මටද අවස්තවක් ලැබිණි. "අහසට පිබිනා ඒ රන් කලෙයා " කියන විට මගේ දෑත පොලොව දෙසටත් " පොළොවට පිබිනා ඒ රන් කලෙයා " කියන විට මගේ දෑත අහස දෙසටත් යොමු වීම නොනැවතී සිදු විය. මගේ සුවිශේෂී දක්ෂතා නිසා මට individual trainer කෙනෙක් ලෙස අක්කා කෙනෙක් ලබා දීමටද අපේ නැටුම් ගුරුතුමියට සිදු විය.
පසු කලෙක " Social Dancing " class එකක් පිලිබදව ම සේවය කල පාසලේ දරුවෙකුගේ මවක් දැනුවත් කල අතර මම නැවත නිවසට ඇරලීමේ වගකීමද ය බර ගත්තාය. කෙසේ වෙතත් අපේ නිවසට ඉතා ආසන්නව තිබු class එක මට මග හැරුනේ class එකට එන ඇතැම් අය මෙයට පෙර අඩවූ කස්තිරම් ඇල්ලු අය බව පවසමින් මගේ දෙමාපියන් දැක්වූ විරෝධයය. සමහරවිට මා වැනි ආධුනික යෙකු එහි ගොස් ලජ්ජාවට පත්ව්ය් යයි ඔවුන් සිතන්නට ඇත.
ඊළඟ අත්ද්කීම ලැබුනේ විවාහයෙන් පසු මගේ සැමියත් සමග ගිය අවුරුදු වැඩසටහනකදීය.එහිදී අපිට නැටුමක් ඉදිරිපත් කිරීමට සිදු වූ අතර මගේ සැමියා දුන් උපදෙස වූයේ " මොනවා හරි හිතල කරන්න" යන්නයි. මා හිතා අවසන් වන විටම අපිට නැටුමට තිබු කාලයද අවසන් විය. මගේ සැමියා තනියම ඉදිරිපත් කල රංගනය නිසා හෝ සංස්කරණ ශිල්පියාගේ දක්ෂතාවය නිසා හෝ TV එකේ නැටුම එතරම් අවුලක් නොවීය. කෙසේ වෙතත් මා අත පය නොසෙල්වා මුහුණින් පමණක් හැගීම් ප්‍රකාශ කල නර්තනය පිලිබදව අවබෝදයක් නොමැති නමුත් විවාහයට පෙර දහ අට වන්නමද නටා තිබූ කාන්තවක් කීවේ නළුවෙක්ගේ බිරිඳක් අනිවාර්යෙන්ම නැටුම් උගත යුතු බවයි. මා පෙර විවිධ නැටුම් නටා නොතිබීම ගැන මගේ සැමියාගේ ඇත්තේ ප්‍රසාදයක් හෙයින් comments ගැන අවුලක් නැත. කෙසේ වෙතත් නැටු නැටුමක් නැතත් බෙරය ආරක්ෂා කර ගැනීමට ඉදිරියටත් සිතා සිටිමි.