Wednesday, July 30, 2014

චීන පුරවර China Town ...




චීනය ආසියාවේ බලවතාය . ඒ දේශ සීමාවෙන් හෝ ජනගහනයෙන් පමණක් නොවන බව වෙළද පොලේ  නිෂ්පාදිත භාණ්ඩ සංඛ්‍යාව දෙස බැලූ විට පෙනේ . වරක් කොරියාවේ සංචාරයකට ගිය මගේ මිතුරියක් තෑගි ලෙස පිරිනම තිබුනේ "Made in  China " බඩුවකි . " ඔය ගියේ කොරියවටද  නැත්නම් චීනයටද ?" අසමින් විහිලු කලත් බොහෝ අසියතියතික රටවල වෙළද පොලෙහි එම රටේ භාණ්ඩ වලටත් වඩා චීනයේ භාණ්ඩ දක්නට ලැබීම ස්වභාවිකය .   ලෝකයේ හැම රටකම් පහේ චීන අවන්හල් ඇත . එයින් නම් අපි චීනයටත් වැඩ ඉදිරියෙන් සිටිනවා විය යුතුය. රාජකාරි ස්ථානයේ ව්‍යාපෘතියක් සඳහා පැමිණි විදේශික කාන්තාවක්  ලංකාවේ කොපමණ චීන ජාතිකයන් ඇත්දැයි ඇසුවේ මේ හන්දියක් හන්දියක් ගානේ ඇති චීන බොජුන් හල දැක විය යුතුය.
ලංකවේ චීන් ජාතියකන් 1% ටත් වැඩ අඩු විය හැකියියි මා පැවසු විට ඈ පුදුම වූවාය . අතීතයේ චීන ජාතිකයන් සේද මවත් ඔස්සේ පැමිණ ලංකවේ රෙදි පිලි වෙළදාමේ යෙදුන බව අසා  ඇත . අපේ ගමේ (ගාල්ලේ ) නම් තවමත් චීන දත් බැදීම සිදු කරන චීන ජාතිකයන්ට අයත් ව්‍යපරිය ස්ථානයක් ඇත . කෙසේ වුවත් මේ නූතන පරම්පරාවල චීන ජාතිකයන් නම් චීනය දැකලවත් නැතිවා  විය යුතුය.  ගාල්ලේ ඇති චීන කොරටුව වැනි ග්‍රාම නාම සැදීමට එකල සමහරවිට එහි විසු චීන ජාතිකයන් හේතු වන්නටද ඇත .(මේ මට හිතෙන ලෙසය.)
කෙසේ වෙතත් බොහෝ අග්නදිග ආසියාතික රටවල ඇතුලත කුඩා චීන පුරවර (China Town ) ඇත. මැලේසියාවේ , සිංගප්පූරුවේ සහ කොරියාවේ චීන පුරවරවල සරි සැරීමට වරම් ලදිමි . චීන බොජුන් හල් , චීන අත්කම් , සම්ප්‍රදායික ඇඳුම් , අවාන් ,  සමරු තිලින අඩිය මේවයේ දක්නට ලැබේ .  හෙට්ටු කර බදු මිලදී ගැනීමටත් ඉඩ ලැබේ. ප්‍රංශ , ඉතාලි  ආදී නිර්මාණකරුවන්  නිපදවන (branded ) සපත්තු, අත්  බෑග්  අනුකාරක මිලදී ගැනීමට හොඳම ස්ථානයක් වන්නේ මැලේසියාවේ චීන පුරයි. නමුත් හෙට්ටු කල මිලද වෙළෙන්දා එකග වුව  හොත් තවත් මිල අඩු කිරීමට කතා නොකොට  එම භාණ්ඩය මිලදී නොගත යුතය . නැත්නම්  වෙළෙන්දා  කෝපයට පත්වේ.
මැලේසියාවේ බොහෝ වෙළඳන් චීන ජාතිකයන්ය. සින්ගප්පූරුවේද සැලකිය යුතු චීන ජනගහනයක්   චීන   භාෂාවෙන්ද පොදු ප්‍රවහන සේවා වල නිවේදන කිරීම් දක්නට ලැබේ . කොරියාවේ ඉන්චිඔන් නුවරට ආසන්නව ඇති චීන පුරවරය අවට චීන සංස්කෘතික කෞතුකගරයක්ද දක්නට ඇත . කෙසේ වෙතත් චීන ජාතිකයන් උත්සවන්තය . ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලැබීමට මැලේසියාවට ආ  බොහෝ සිසුන් ඉලෙක්ට්‍රොනික පරිවර්තක බවිත කරමින් දේශනවල වචනයක් වචනක් පාසා  තේරුම් සෙව්වා මතකය . කෙසේ වෙතත් branded දේ ගැනීමට වත්කමක් නොමැති තෑගි දීමට හිත ඇතත්  අතමිට සරු නැති අපි වැන්නන්ට නම් චීන  පුරවර  කප්රුකකි .

Saturday, July 19, 2014

අල..


අල  යනු අර්තාපල් යන්නට පර්යාය පදයක් ලෙස යෙදතත් භූගත කදක් හෝ භූගත පලයක් ඇති බොහෝ දේ අල ලෙස හදුන්වයි . ඉන්නල , කුකුල්ල, රජාල, හබරල, බතල  ලෙස අල යන්නෙන්ම අවසන් වෙන අලද බීට්රූට් , කැරට්  අඩි ලෙස අල යන්නෙන් අවසන් නොවන අලද ඇත. පාසලේදී ඉගෙන ගත දේ මෙසේ වුවත් "අල " යන්නට වෙනත්තේරුම්ද ඇති බව වටහා ගත්තේ විශ්ව විද්‍යාලේ පළමු වසරේදී අලයන් සමග වැඩි බජනයට නොයන ලෙස අපේ ගමේ අය්යා කෙනෙකු මට open canteen එක අසලදී තර්ජනාත්මකව පැවසීම සමගය . කොළඹවිශ්ව  විද්‍යාලයට කොළඹ සිසුන් අලයන් වන බවත් බෙන්තර ගගින් එහා අපි වන්නන් එසේ නොවන බවත් පසුව වටහා  ගතිමි . අපිට අලයන් වීමට අවසථාව ලැබෙන්නේ රුහුණු විශ්ව  විද්‍යාලයට  පමණය . දෙවුන්දර දෙසට යනවිට ඇදහැලෙන වැස්සටවත් එයට  ගොස්  නැති නිසා කවදාවත් අලයකු නොවීමි . හපුගල ඉන්ජිනේරුපීඨයේ  උගත් අපේ නංගි  නම් එකල අලියක් වූවාය . කොළඹවිශ්ව  විද්‍යාලයේ  ශිෂ්‍ය සංගම් නිලවරණයෙන් අලයන් දිනුවිට ( මා සිටි අවුරුදු 3ට නම් දින්නෙම අලයන්ය .) open canteen එකේ බත් පතට තම්බන ලද ලොකු  අල බාගයක් වරදින්නේ නැත.

නිකරුනේ කාලය කා දැමීම අල වීමක් ලෙස හදුන්වන් බැවින් අප සියල්ලෝම වරක් දෙකක් හෝ අලයන් වී ඇත. අල වල වැඩිපුර පිෂ්ටය ඇති බැවින් අල වැඩි පුර කෑමෙන්   අල ගෙඩියක් මෙන්ම විය හැක . "අල වගේද ගෝවා ?" යයි සමහරු ඇසුවත් මට නම් ගෝවා අල ලගින් වත් යන්නේ නැත . "අල බහිනකම් ඉවසුවත් අල පැසෙන කම් ඉවසිය නොහැකි" යයි කියන්නේ යම් කරයක අවසාන අදියරේදී නොඉවසිලිමත් වන විටය . කිරට, මිරිසට, තෙලට  මෙන්ම තම්බද  අපි අල කන අපි chips කනවනම් ටිකක් වැඩිපුර වියදම් කල යුතුය . potato chips  යුරොපියන්ගේ ප්‍රියතම කමක් වෙද්දී ඉන්දියනුවන්ද අල බොන්ඩ  මෙන්ම වෙනස් අරසති අල කරි සදයි . එසේම දිළින්දෙකු වේලක් පිරිමස ගැනීමටද බතල, මයියොක්කා ( ලියන හැටි දැන සිටියත් නිවැරදි වචනය google transliteration වලින් වදින්නේ නැත .) වැනි අල වර්ග හේතුවේ . අල හොදි පාන් සමග බෝඩිම් ජීවිතය හා බැදුණු ආහාරයකි . අල සමග අල වීමට කාලය මදි නිසා අල ගැන සටහන  නවතමි .

Friday, July 18, 2014

MH 17


නැවතත් මැලේසියානු ගුවන් සේවයේ යානාවක් සම්බන්ධ ඛේධාන්තයක් ගැන ලිවීමට සිදුවීම අභාග්‍යකි . MH 370 වුණ  තවමත් හරියට සොයා ගෙන නැති තත්වයදී අම්ස්ටර්ඩ්ම්  සිට ක්වාලා ලම්පූර් දක්වා පැමිණෙන ගුවන් යානයක් යුකෙරන්යට ඉහල අහසේදී කඩ වැටී තිබේ . ගුවන් යානයේ සහ මගීන්ගේ ඉරණම පැහැදිලි වුවත් සිදු වූ දේ තවම අවිනිශ්චිතය . සමහරු පවසන්නේ යානය පහලින් ගමන් කිරීමේදී මිසයිල ප්‍රහාරයට ලක් වූ බවයි .සමහරු පවසන්නේ රුසියානු මිස්සයිල වලට ඉතා ඉහල අහසේ ඉලක්ක වෙත ලගා  විය හැකි බවයි .  රජයට මෙන්ම කැරලි කරුවන්  වෙතද චෝදනා ගල එයි . මැලේසියාව එහි ජනයා  අපිට අවුරුද්දක් වෙනසක් නොකර සැලකූහ . මැලේසියානු ගුවන් සේවයේ කිහිප වරක්ම ගමන් කරද ඇත්තෙමි . පිට පිට ගුවන් යන දෙකක් ක්ද වැටීමෙන් ගුවන් සේවය වන හානිය ගැන ඇත්තේ දුකකි . බජු කුරාන් (මැලේසියානු ජාතික ඇඳුම ) හැඳ  කොණ්ඩය කරකවා බැඳ අයහපත් කාලගුණය නිසා නිතරම තේ , කොපි වැනි උණු පාන  වෙනුවට guava juice  වැනි සිසිල් පාන සංග්‍රහ කරන ගුවන් සේවිකන්ගේ සංග්‍රහ මැද පරංගියා කෝට්ටේ ගිය සේ   වැනි වූ ලංකාවට එහා තිබෙන මාලදිවයිනට පැමිණ එහි පැයක් නවතා රෑ මැදියමේ ලංකාවට ආවේ   සාක්කුවට වාසි  නිසාමය.  දුක ඉරණම දන්නා MH  17 හා ඉරණම නො දන්නා MH 370 වේ  ජීවිත ගැනය . යුද්දයක් පවතින රටක සිවිල් ජනයට අනතුරු සිදු වීම නොවැලක්විය හැකිය . යුද්දයකදී වීරයන් බිහිවීමත් ඔවුන් වෙනුවෙන් සිහිවටන බිහිවීමත් සාමාන්‍යය . නමුත් තමන් හතර මායිම වත් නොදන්නා රටක නොදන්නා අරගලයක් වෙනුවෙන් සිවිල් ගුවන් සේවා කලාපයක් තුලදීම  දිවි පිදීමට සිදුවූ නිරායුද වැසියන් වෙනුවෙන් සැබෑ  මානව හදවත් තුල කඳුලින් සිහිවටන බිහි වෙනු ඇත .

Tuesday, July 1, 2014

තේ බීම

..
තේ ගැන මීට පෙරත් ලිය තිබේ . එත් තේ යනු එසේ එක වරකින් පමණක් සැහීමකට පත් විය නොහැකි පානයකි . තේ සෑදීම අපිට නම් මහා කජ්ජක් නොවේ . තේ බීමටද අපි රුසියෝය . අපේ ආගන්තුක සත්කාර්යයට තේ අත්‍යවශ්‍යය . නමුත් තේ පානයේ  හා තේ පිළිගැන්වීමේ ආචාර ධර්ම දැන ගත්තේ කොරියාවේ සම්ප්‍රදායික ගමකට ගිය විටය. සුද්දාගේ Table manners මිස අසියතිකයන්ගේ Tea manners නොදන්නා අපිට මෙය අමුතුය . ඔවුන්ගේ තේ කට්ටලද අමුතුය . pieces ගණන වැඩිය . කේතලයෙන් උණු තේ වත් කර නිවෙන්න තබන්නට තේ කොළ දැමීමට මෙන්ම  තේ පෝච්චියේ මූඩිය තැබීමටද  වෙනම පිගන් මැටි භාජන ඇත. තේ භාජනය අල්ලෙමට , වත් කිරීමට පිළිගැන්වීමට පමණක් නොව , භාජන සේදීමටද වෙනම පිළිවෙත් ඇත . තේ බොන කෝප්ප නම් ඉතා කුඩය . අපේ එක කටකටත් නොසහේ . එත් තේ කෝප්පය අවසන් වන  නැවත නැවත පිරවීමේ සිරිතක් ඇත . මේ කාර්යය නිසි ලෙස කිරීමට නම් අපි දිවා  ආහාරය ගන්නවටත් වඩා වෙලාව යනවාය .ඒත් මේ තුලින් සංයමය ඇති කිරීමට බලාපොරාත්තු වන බවත් පිළිවෙලකට විනයානුකූලව දිවි ගෙවීමට හුරු කරවන බවත් පැවසුණා . තේ භාජන ටිකටත් ඒ තුලින් දිවෙන පිළිවෙත් වලටවත් හිත ගියත් TV බල බල , FB  ඉදන් ,පොත් බලන ගමන් විතරක් නෙවයි වැසිකිලියේ ඉදන් තේ බොන අපේ අයට නම් මේ පිළිවෙත අල්ලන එකක් නෑ