Saturday, June 28, 2014
ජනතා බලවේගයක සංවේදී සැමරුම...
ග්වන්ග්ජු දකුණු කොරියාවේ එක්තරා නගරයක් ..එහි නගර මධයේ ඇති සුවිශේෂී ස්ථානයක් වන්නේ 1980 මැයි 18 සිදුවූ ජනතා නැගිටීම හා සංහාරය සිහිපත් කරන සුසාන භූමියයි. එකල සිටි පාලකයෙකුට එරෙහිව වීදි බැසි ජනතාව අමානුෂික ලෙස ඝාතනය කිරීම සිහි ගන්වනු පිණිස එහිදී අමානුෂික ලෙස ඥාතීන් වෙත ලබා නොදී මිහිදන් කල මෘත දේහ නැවත ගෞරවනීය ලෙස මේ ස්ථානයේ මිහිදන් කර තිබෙනවා . සුසන භූමියට ඇතුළු විගස ඇති සිනමා ශාලාවේ මේ සිද්දිය ගැන සැකසු චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරනවා . සමරු ශාලාව සාදා ඇත්තේ එහි ඇතුල්වන අයෙකුට තමා 1980 දී එම ස්ථානයේ සිටි බව සිහි ගැන්වෙන ලෙසටයි . වෙඩි හඩ , විලාප හඬ , හමුදා රථ වල හඬ ඇසෙනවා. ශාලවේ ඒ අවස්ථවේ ගන්නා ලද ජයාරූප මෙන්ම පතොරම්, තුවක්කු , මල සිරුරු එතීමට ගත බැග් , ලේ වැකුණු කොරියානු ජාතික ධජ , ඇටසැකිලි , මෙහි දක්නට ලැබෙනවා . මෙය නරබන අයට හෝ ඥාතීන්ට තම සිතුවිලි ලියා තැන්පත් කිරීමට හැකියි . තවද සුසන් භූමියේ සංකේතය තුලින් මිය ගිය වුන් ගේ නැවත නැගී සිටීම දක්වනවා . පැමිනේනමන් කොරියානු කර්මයට සුවඳ කුඩු ගිනි මැලයකට දමා ආචාර කරනවා . එහිදී වදන්ය වන සංගීතය සැබවින් අනුවෙදීයි . යම් ශෝකයක් රට පිලිබඳ හැංගීමක් මේ සිද්දිය ගැන කිසිම හැගීමක් නැති සම්බන්දයක් නැති අයටත් ඇතිවෙනවා . මේ ඝාතනයට නකත්වය් දුන් අයගේ පදක්කම් අහිමි කර සිර දඬුවම් පසු කාලයේදී ලබදී තියෙනවා . මේ සිද්දියේ දේශපාලන පසුබිම කොහොම වුනත් මේ ස්ථානය නිර්මණය කර ඇති ආකාරය , එහි ඉදරිපත් කිරීම් මේ ජනතාව වෙත දක්වන ගෞරවය අති විශිෂ්ටයි . දුක දිනා ජයගත් කොරියානුවන් තම අතීතය අමතක නොකොට තාක්ෂනය බාවිතයෙන් ඒ අයට ගෞරව ආකාරය නම් අපූරුයි .
Friday, June 6, 2014
e - තැපැල් ..
මට මතක හැටියට මුලින්ම ඉ -තැපෑල ගැන ඉගෙන ගත්තේ ඉස්කෝලේ යනකාලේ " Infotel Exhibition " එකට ඇවිත් . ඒ Infotel පටන් ගත මුල් කාලයේදී ..O /L ප්‍රතිපල මත ලංකාවේ ඒ අවුරුද්දේ මුල් 1000 ට මේ ප්‍රදර්ශනයේ සම්මන්ත්‍රණයට එන්න අවස්ථාව ලැබුණා . ( දැන් නම් මේ අවස්ථා ගොඩක් විවෘතයි .) ගාල්ලේ ඉඳලා අපේ පාසලේ 39 ක්ද කොහෙද කොළඹ ඇවිත් දේවී බාලිකා විද්‍යාලයේ නැවතිලා BMICH තිබුණු මේ ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය බලපු අපි එකේ එක සසියදී ඉ -තැපෑල ගැන ඉගෙන ගත්තා . කලින් මේ ගැන අහල තිබුනත් වැඩ ප්‍රයෝගිකව ඉගෙන ගත්තේ එහිදීදියි . ඒ කලේ කිව්වේ ඊ -තැපැල් කියලද කොහෙද .(ඉලෙක්ට්‍රොනික් තැපැල් /electronic mail යන නම කෙටි වෙලා ඉ -තැපැල් යන සිංහල නම බවිත වුනේ පසු කාලේදී ) මගේ පළමු ඉ -තැපැල් ගිණුම ආරම්භ වුනේ විශ්ව විද්‍යාලේ පළමු වසරේ මුල් කාලේදී .. අන්තර්ජාලය අති සුඛෝපභෝගී වූ ඒ කාලේදී ත් අපේ විශ්ව විද්‍යාලේ ශිෂ්‍ය සංගමය මගින් ක්‍රියාත්මක වුන 24-hours internet lounge එකක් තිබුණා . ඒ කලේ හැටියට ජෙෂ්ටයන් සමග බජනය සෞඛ්‍යට හානිකර වුනත් ඒ තැනට ඒ වෙලාවේ duty හිටිය ජෙෂ්ට ශිෂ්‍යයා ගේත් උදව්වෙන් yahoo ගිණුමක් හදා ගත්තා. හැබැයි mail බැලුවේ මාසෙකට වරක් විතර ..(දැන් නම් දවසක් මිල් නොබැලුවොත් mail 10ක් වෙනවා) attachment යැවීම් , forward කිරීම් සුලභ වුනේ නෑ . කතා කලේ පිට රට ඉන්න යාලුවෙකුට විතරයි . දැන් නම් අල්ලපු මෙසේ කෙනාටත් mail forward කරනවා . තිබුනේ එකම ගිණුමක් වුනත් password අමතක වීම් සුලබයි . දැන් නම් yahoo , hotmail ,gmail , office mail හැමෝටම තියෙනවා . Mail group , distribution lists ,chat පහසුකම් වගේම දින පොතක් ලෙස බවිත කරන්නත් රැස්වීම් හා විශේෂ උත්සව මතක තබා ගන්නත් ඒ පිළිබඳව මතකයට නගා ගැනීමට කෙටි පණිවුඩ යැවීමටත්, auto reply යැවීමටත් පහසුකම් තියෙනවා විතරක් නෙවෙයි ඒවා සුලබව බාවිතා කරන්න පාසල් ළමයිත් දන්නවා . රාජකාරි වශයෙන් ඉ -තැපැල් පද්දතියක් පවත්වාගෙන යාමේදේ ඇතිවන පහසුව හා ප්‍රශ්නත් දන්නවා . තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය රාජ්‍ය අංශයේ ඉ -තැපැල් සඳහා නාමකරනයේ ක්‍රමවේදයකුත් සකස් කර බාවිතා වෙනවා . දැන් UCSC තියෙන ගොඩනැගිල්ලේ පහල මාලයේදී පළමු ඉ -තැපැල් ගිණුම හදල යවපු මම ඒ කාලයේදී යැවූ ඉ -තැපැල් ගණන ගන්න කලොත් දහස් ගනනක් වෙයි . ඒ වගේම ගොඩක් අයට ඉ -තැපැල් පහසුකම් ගන්නත් රජකරිදීත් පෞද්ගලිකවත් උදවු වෙන්නත් අවස්ථා ලැබුණා. ඉස්සර නම් අපිට ලියුම ආවා. දැන් නම් සුභ පැතුම් ආරාධනා , බිල්පත් ඔක්කොම එන්නේ ඉ - තැපෑල හරහා . දැනටත් රාජකාරි මට්ටමේ හැර වෙනත් දෙයක් සාමාන්‍ය තැපෑලෙන් එන්නේ නැති තරම් . e -mail කවිකරියන්ට ගීතත් ලියවුණා . සමහරවිට සාමාන්‍ය තැපෑල පිලිබඳ අත්දැකීම් ඇති අවසන් පරම්පරාව අපි තරමටම ඉ-තැපෑල අද සුලභ , පහසු,ඉක්මන් හා ලාබදායි වෙලා .
Subscribe to:
Posts (Atom)