Thursday, September 24, 2015

නිලි වැස්සට තෙමීම ...


කත්‍යනා අමරසිංහගේ නිලි වැස්ස කියවුයෙමි . නිලි වැස්ස යන්න මට ආගන්තුක වචනයකි . එහෙත් පොතේ පිටුවන් පිටුව ඉතිහාසික , දේශපාලනමය අරගයක් තුල දිවෙන් රන් මැණිකා  නම් සම්මතයට අභියෝග කල  කතාව දිව යයි .  කත්‍යනා මේ  පොත පුද කරන්නේද මානව සංහතිය වර්ණවත් කල අසම්මත ගැහැණුන්ටය . අසම්මතය  යනු අයහපත් හෝ පිළිගත නොහැකි දේ ලෙස බොහෝ අය සිතතත් මා  එය දකින්නේ සම්මත රාමුවට අභියෝග  ලෙසය .ලෝකය වෙනස් කර ඇත්තෙත් ,  විච්ත්රවත් කර ඇත්තෙත් සම්මතයට අභියෝග කල ගැහැණුය. සර්වජන චන්ද බලය ලබගනීමේදීත් , ලොව ප්‍රථම අගමැතිනිය පත් කර ගැනීමේදීත් ශ්‍රී  ලාංකිකයන් සම්මතයෙන් බැහර  වුහ . කෙසේ වෙතත් සම්මතයෙන් සමපූර්ණයෙන්ම බැහැර වූ  ( වාරියපොළ තරුණිය , මාලඹේ කාන්තාව ) අදද සාකච්චාවට විචිත්‍ර මාතෘකා සපයයි . මොවුන්  100% නිවැරදි හෝ වැරදි යයි කීමට නොහැකි වුවත් මෙම සිදුවීම්  අන්තර්ජලයෙද  තවමත් පුවත් මවන්නේ ඒ සම්මතයෙන් ඔබ්බට වූ දේ නිසයි. ඉදින්  රන් මැණිකා  සුදු බණ්ඩාට කම්මුලට නොගැසූවානම් , ආගන්තුකයෙකු ගෙට කැන්දා  නොඅවානම් , ඒ තරුණය සමග කන්ද උඩරටට නොපැමිනියානම් , රජුට නොබියව කතා නොකලානම් , ගාලු ලන්දේසි කොටුවට රජුගේ රහස් පණිවුඩය ගෙන යාමට එඩිතර නොවුනානම් , සිංහලේ රජු අමතක කර තම හිතට ඉඩදී ඕලන්ද කපිතාන් හා සෙනෙහින් නොබැදුනා නම්  කතව මෙසේ විචිත්‍රවත් වන්නේ නැත . එහෙයින් කත්‍යනා මෙන්ම මමද ඇතිකිරිගල   රන් මැණිකා නම්වූ මේ අසම්මත ගැහැණියට ඇලුම් කරමින නිලි වැස්සට තෙමෙමි .

Friday, September 18, 2015

උදුම්බරා පින්ගුත්තරට (නො ) කී කව ...

ඈත නුවරක රකින්නට තම මවුපියන් ඉන්නට ඇති
දීග අතරුනු කඳුළු වියලුනු නැගණි  සිහිවන්නට ඇති
කැඩුණු ලනු ඇඳ කුලී ගෙදරක සුසම් රඳවා ගන්නැති
සකල ශිල්පය පනම් අටකට තුලාවට සරි වෙන්නැති 



දිව බොජුන් සළු පිළි විලවුන් නැතත් මට කම් නැති
රාජ මාළිග , උයන් කෙලි දැසි දසුන් පිරිවර උරුමැති
මියැදී සිහිනය සි මැදුරු කවුළුවෙන් සුළඟට මුසුවෙති
මගේ කඳුලක් සිරි යහන ගැබ රහසේ සැඟවෙන්නැති

ගසේ පාමුල අතුල විසකටු වලට නවතනු බැරිවැති
මුදු වදන් රජ සිරිත් හමුවේ වුවත් අමතක වෙන්නැති
අතැර දා ඔබ ඉතිරි කර ගිය සන්තකය වූ අරුමැති
හදේ ඇමිනුණු එකම කටුවක් සදා තවමත්එහි  ඇති

Thursday, September 17, 2015

අච්චාරු..



අපි පුංචි ඉස්කෝලේ එනකොට යාලුවෝ එක එක පලතුරු වාරෙට අච්චාරු අරන් එනව.. බිලින්, ජම්බු, පේර , ඇඹරැල්ල , වෙරළු ඒ අතරින් ප්‍රදානයි. ඒ දවස්වල 2-3 පන්තියේ ළමයෙකුටත් පලතුරු කපල හෝ තම්බල ලුණු, මිරිස්, ගම්මිරිස් දාල අච්චාරු හදන්න දැනුම තිබුණා . පසු කලෙක ගෙවල් වල මැලේ  අච්චාරු සිංහල අච්චාරු  හැදුවත් ඒවා පඩි පලතු කඩේ සිට තරු 5 හෝටල් දක්වා ගිහින් කෑවත්  පන්තියේ කපු අච්චාරු රස අමතක නෑ .අදත් අමු වෙරළු දැක්කම  ඒවා තමබ්බන , ජම්බු අච්චාරු හඳන්න හිතෙනවා. එත් ලඟදි දවසක් මම මේ ඕනෙම අච්චාරු වර්ගයක් විකුණන කඩයක් දැක්ක . ප්ලස්ටික් බජන හරි පොලිතීන් බැග් වල අහරි අච්චාරු දල දෙනවා . රසයි ..එත් ඒ දේවල් ඒ තරම් සුලභ නැති කලේ පන්තියේ තියාගෙන interval එකට කලිනුත් හොරෙන් කපු අච්චාරු රස තාම මතකයි