Thursday, November 14, 2013
ආකාස පාලමේ සිට ශ්‍රී පෙටාලින් දක්වා...
මා කුඩා කල දුම්රිය නැරබීමට දැක්වූයේ දැඩි කැමැත්තකි . මගේ නිවසට දුම්රිය දර්ශනය වුවද එකල මා වඩා ප්‍රිය කලේ ආකාස පාලමේ සිට කෝච්චි බැලීමටයි ..එදවස tution පන්ති වලින්ද පෙම්කරන්නද සුලබ නොවූ හෙයින් කැනල් පාර දිගේ පයින් ගොස් ආකාස පාලමට නැග අවුරුදු 3-4 ක් වූ මට කෝච්චි පෙන්නීම අපේ තාත්තාට ගැටළුවක් නොවන්නට ඇත. දුර ගමනක් යනවිට බුස් එකට නැග ටික වෙලාවකින් වමනය දමන මා රැගෙන අපේ අම්මලා කොළඹ ගියේම කෝච්චියෙනි. දෙමාපියන් රජයේ සේවකයන් වූ නිසා හිමිවූ වොරන්ට් එක නිසා මෙය ආර්ථික වශයෙන් ලාබදායක වන්නට ඇත . අධිවේගී මාර්ග තියා semi luxury වත් ගැන අසා නොතිබූ ඒ කාලයේ කෝච්චියෙන් කොළඹ යාම අපට මහා චාරිකාවක් විය .ගාල්ල ස්ටේෂමෙන් කෝච්චියේ සීට් ඇල්ලීමට එය නැවත්වීමට පෙර නැගීම හෝ කෝච්චියේ ජනේලයෙන් ආසන මතට බෑග් දමන මගීන් අතර තෙරපී කෝච්චියේ වාඩිගත් පසු අප පසු කර යන ගස් දෙස බලමින් කොලඹ යාම එකල ආශ්වාදනීය අත්දැකීමක් විය.
දෙමාපියන් නොමැතිව මුලින්ම කෝච්චියේ ගියේ නම බාලදක්ෂිකා කඳවුරකට සහබාගි වී "රජරට රැජින" ගෙන් ගාල්ලට ඊමේදීය . එදා නම් කෝච්චියේ අදිපත්‍ය අතට ගත්තේ අපේ කෙලි නඩයයි .
විශ්ව විද්‍යාලයට ගිය පසු A/C බස් පැමිණීමත් එවකට නේවාසිකාගාර ගාල්ල -කොළඹ බස් මාර්ගයේම පිහිටීමත් නිසා කෝච්චියේ ගියේ කලාතුරකිනි. නැවත කෝච්චියේ හිතේ හැටියට ගියේ මැලේසියාවේ අධ්‍යාපනය ලබද්දීය. අපේ නේවාසිකාගාරයේ සිට ශ්‍රී පෙටාලින් දුම්රිය පොලට ඇත්තේ කෙටි දුරකි. ගුවන් යානයක මෙන් දුම්රිය පදවන්නා මගීන් පිළිගෙන ඉංග්‍රීසි සහ මැලේ බසින් ගමනාන්තය කියන මේ දුම්රිය මෙන්ම Re-Usable ටිකට් ද මුලදී අපට ගොඩයට මැජික් විය . අපි ෂොපින් ගියෙත් පන්සල් ගියෙත් වතාවක් ගුවන් තොටුපොළේ සිට අවෙත් දුම්රියෙනි. ( Monorail, KTM, LRT, Express, උමං දුම්රිය මේ මොනවා වුනත් මට නම් කොච්චිමය.)
කුඩා දැරියක හැමදාම හවසට ඉතා අඩු පහසුකම වලින් යුත් කෝච්චි නැරබීමට ගිය මම පසු කලෙක සේවා කාලය තුල ලද පළමු පන්තියේ වොරාන්ට් 3 කිසිම වෙලාවක බාවිතා කර නැත . යුද්දය නිසා ඇතිවූ බෝම්බ බිය හා තනිව ගමන් බිමන් යාමේදී හදිසි දෝෂයකදී වෙනත් දුම්රියකට නැගීමට හෝ මහා මාර්ගයකට යාමට අපහසුව මෙයට මූලික හේතු වන්නට ඇත. A/C, නරබුම් මැදිරි පහසුකම් ඇතිව දුම්රිය සේවාව නවීකරණය වී ඇති බැවින් ඉදිරියේදී නම් යන්නට සිතා සිටිමි. එහෙත් එදා ආකාස පාලමේ සිට දුම්රිය බලා සතුටු වූ දැරිය වෙත ආපසු මා ගෙන යාමට නම් විදුලි දුම්රියක් වුවද අසමත් වනු ඇති බව නම් දනිමි.
Subscribe to:
Post Comments (Atom)
Very nice Vasana ... hope you will write more ...
ReplyDelete