Tuesday, September 24, 2019

මකරනන්දයෙන් ප්‍රඥාවට ...


විරාජිනී තෙන්නකෝන් ගේ "මකරානන්දය කියවීමි. නන්හාමි ආතා ප්‍රමුඛ  රන්මැණිකා , සෝමේ ,  පොඩි හාමුදුරුවෝ , ලොකු හාමුදුරුවෝ, උක්කුවා , මද්දුවා , චූටියා ,කිරියා , ගුරුන්නාන්සේ ඇතුළු මසුන් මැරීමෙන්  දිවි ගෙවුවද මාළුදැල හිස මත තබා නොගත් වැව් ගම් වැසියන් සමග ඒකාත්මික වීමි. බෞද්ධ නන්හාමි ඈත ඇතුළු වැව ගම් වාසීන් ගේ සහයෙන් දෙමල ඩී ආර් ඕ  මහතාට ගෙන් ලද නැවුම් වෙට්ටියෙන්  තිරිවානා  ගල් හලා , මුස්ලිම් වෙළෙන්දෙකුගේ සහයෙන් කොත් කැරැල්ල නිමවා සකසන තඹර ස්ථුපය  "සංහිඳියාව " වැනි වචනයක් භාවිතයේ නොවූ යුගයේ අප සමාජයේ තිබු සැබෑ සහජීවනය පෙන්වාලයි. වැවේ ගමින් මාළු  මිලදී ගන්නා බලවතුන් දිලින්දන්ගේ ආගමික නිදහස වෙතද දෑත් දිගු කිරීමත් එදා සිට අද දක්වා නොවෙනස් ශ්‍රම, ලිංගික සූරා කෑමට ලක්වන ගැහැ නුන් ගේ  ඉරණමද ඔවුන්ගේ විටෙක හැඟුම් නිසා අසරන වන  සිතද විටෙක ජීවිතය දිනන  අප්‍රතිහත ධෙර්යය ද කෘතිය පුරා සොදුරු සිත්තමක් මවයි. කෘතිය පුරා භාවිතා  වන සංකේත බෙහෙවි.  වැව,වැව් සොරොව්ව, මකර සිත්තම, රාජාලියා බඳු සංකේත පමණක්  නොව  පද්ම ශ්‍රී ,  සෝමේ,  වර්ණසිංහ , අකලංක වැන්නවුන් සමාජය පුර සුලභව දක්නට ලැබේ. පද්ම ශ්‍රී සිය ජෝතිෂ්‍ය කටයුතු සදහා සිදු කරන උපක්‍රමද , නූතන ජනප්‍රිය මාධ්‍ය භාවිතයේ අඳුරු පැති කඩද මොනවට නිරූපණය වේ .
පෙරහරේ ඉදිරියෙන් යන ගිනි බෝල කරුවෙකු වැළඳ ගෙන ගින්නේ දැවෙන බවත් , පෙරහරේ ලස්සන නුදුටු බවත්  සුගුනිට තම ආලය , ජීවිතය විවරණය කරමි විස්තර කරන රන් මැණිකා ඒ  මතු  නොව වර්තමනයේ යුවතියන්ටද වටිනා ඔවදනක් දෙයි.දේශපාලන හා මාධ්‍ය මගින් ප්‍රතිරූප සැදීමත් , ප්‍රතිරූප බිඳ දැමීමත් යන දෙකම සිදු කිරීමද ,උපන් දිනය වත් නොදන්නා පුද්ගලයෙකුගේ  හඳහන හා නම මෙන්ම නිර්මාපිත අතීතයද එදා මේද අපි දැක අසා පුරුදු චරිත මෙන්ම වර්තමානයේ අත්දකින මුලාවද ; පිට රට සම්භවයක් ඇති පුද්ගලයන් ලංකාව කෙරේ දක්වන අසීමිත ලැදියවද වර්තමනයේ ජීවත් වන අප දෙසම හාස්‍ය ජනක ලෙස බැලීමට යොමු කරයි. කෙසේ වෙතත් අට ලෝ දහමේ  නොගැලෙන තම තම නැණ පමණටවැටහෙන  බණ දේශනා කරන තඹර වෙහෙර ලොකු හමුදුරුවන්ද , දේහ ලක්ෂණ ඇසුරින් හරියටම් ශාස්ත්‍ර කියන  ගුරුන්නන්සේද තවමත් පිරිහී නැති භික්ෂුන්ද , ජනප්‍රිය මුදල් උපයන මාර්ගයක් නොවූ  ජෝතිෂ්‍යය  ද කතුවරිය අතින් විමසුමට ලක් වෙයි. රතු දෙපා වලට ලොබ බැඳී සෝමේ අවසන සත්‍ය වැටහා ගෙන් පොල් ගේ අවසග දෙපා ළඟ නැවතුනමුත් සිය මිණිබිරියට " නෙලුම්මලා " යයි නම් තැබීමෙන් තුරුණු වියේ කුළුදුලේ බැඳී පෙමක නොමැකෙන අතීත මතකය සනිටුහන් කරියි. අවසානයේ කිව යුත්තේ කතුවරිය "මකරානන්දය" තුලින් පාඨකයන් ප්‍රඥාව කරා ගෙන යන බවයි .