Saturday, January 2, 2016

නොලියවුණු කවිය ...........



චන්දස් සපිරුණු
එළිසමය ගැලපුණු
එනමුත් නොලියවුණු
සිතේ පමණක් රැදවුණු

අරුත් සුන්වූ
සියලු රසහව්  දැනවූ
අනතුරු ලකුණු දැක්වූ
පදවැලකි නිම නොවුණු ...

දෙසැම්බර් 31 සහ ජනවාරි 01..


දෙසැම්බර් 31 ..පරණ අවුරුද්දක අන්තිම දවස...ඉස්සර පොඩි කලේ නම් මේ කාලෙට නිවාඩු... අම්මල ගෙවල් ඇස කරල නව වසර පිලි ගන්න ලස්ය්ති වෙනවා ..අපි නම් අලුත් පාසල් වාරේ ළඟ නිසා එකට පොත් එහෙම ලෑස්ති කර ගනිමිනුයි ඉන්නේ...දැන් අන්ම කාලෙකින් දෙසැම්බර් 31 ජනවාරි 1  දිගට office දවස් .. 31 වෙනිදට පරණ අවුරුද්දේ වැඩ ඉවර කරන්න , accounts  පියවන්න, progress දෙන්න දේවල් ගොඩයි..කලින් ඉවර කරන්න තිබුනත් හැමදාම නොවැලක්විය හැකි දේ මතු වෙන නිසා මෙහෙම වැඩ යෙදෙනවා...1 වෙනිදා මේ සේරම ඉවර කරලා නව වසරක..ප්‍රතිඥාව දීල...ආගම සිහි කරලා , කැවුම් කිරිබත් කාල  වැඩ පටන් ගන්නවා..එදාට දවස හරිම නැවුම්..කවුරුත් තරහ ගන්නෙත් නැහැ ..බනින්න හිතුනත් 1 වෙනිදා නේ කියල එක කරන්නෙත් නැහැ ..උදේට හැමෝම " සුබ අලුත් අවුරුද්දක් වේවා "..කියල කට පුර හිනා වෙලා සුභ පතනවා..එදා උදේට  office එකේ හැමෝම වගේ හම්බවෙනවා.. හැමදාම මෙහම් නම් හොඳයි කියල හිතෙනවා ...
අපේ ජීවිතෙත් දෙසැම්බර් 31 වගේ පරණ දේවල් ඔක්කම ඉවර කරන්න , අලුත් අවුරුද්දට නොගේනන්න අවසථාවක් /deadline එකක් එනව නම් හොඳයි හිතෙනවා..කුහකම්, නපුරුකම්, සතුකම්, සිත් රිදීම් , දුක්බර මතක් වලලා ජනවාරි 1 වගේ අලුත්ම විදියට ජීවිතේ පටන් ගන්නත් ගෙනයන්නත් ඇත්නම්...